2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර අද (19) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය කර ඇත.
එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
