23.05.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) පමණ දක්වා ඉහළ යා හැක.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.

මුහුදේ ස්වභාවය:

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ).

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Condition of Rain:
Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Puttalam to Hambantota via Colombo and Galle.

Winds:
Winds will be westerly to south-westerly and wind speed will be (30-40) kmph. Wind speed can increase up to (55-60) kmph at times in the sea areas off the coast extending from Chilaw to Kankasanthurai via Puttalam and Mannar and from Galle to Pottuvil via Hambanthota.

Wind speed can increase up to 50 kmph at times in the sea areas off the coast extending from Chilaw to Galle via Colombo and from Kankasanthurai to Trincomalee via Mullaittivu.

State of Sea:
The sea areas off the coast extending from Chilaw to Kankasanthurai via Puttalam and Mannar and from Galle to Pottuvil via Hambanthota will be rough at times.
The sea areas off the coast extending from Chilaw to Galle via Colombo and from Kankasanthurai to Trincomalee via Mullaittivu will be fairly rough at times.
The wave height may increase (about 2.0 – 2.5 m) in the sea areas off the coast extending from Puttalam to Pottuvil via Colombo, Galle and Hambantota (this is not for land area).
Naval and fishing communities are requested to be vigilant in this regard.
Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.