22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL නත්තලේ සතුට “සබැදියාවේ නත්තල” තුළින් රැගෙන එයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන
SLT-MOBITEL, නත්තලේ ප්‍රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්‍රජාවන් සමඟ බෙදාගැනීමේ
අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සබැදියාවේ නත්තල” ප්‍රජා
සවිබලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික
අපහසුතා ඇති පාසල් දරුවන් හට ඊලග අධ්‍යන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ
බෙදාදීම සිදු කරන ලදී.
ප්‍රජා උන්නතිය හා සවිබලගැන්වීම අරමුණු කරගත් “සබැදියාවේ නත්තල”, SLT-MOBITEL
පාරිසරික සමාජ පාලන (Environmental Social Governance – ESG) වැඩසටහන් මාලාවේ
තවත් එක් පියවරක් වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා
දරුවන් හට නත්තලේ සතුට විඳීමට සහය වීමට හා නව අධ්‍යයන වර්ෂය සඳහා සුදානම්
වීමට අවශ්‍ය පාසල් උපකරණ සමඟින් වෙනත් ත්‍යාග බෙදාදීම සිදුකරනු ලබයි.
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,
තාක්ෂණික දියුණුව හා අර්ථවත් සමාජ සත්කාරක සේවා හරහා ප්‍රජා උන්නතිය සඳහා
කටයුතු කරමින් ශ්‍රී ලංකාව තාක්ෂණික දියුණුවේ මීළඟ අදියර දක්වා සමීප කරවීමට
කැප වී සිටී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz