ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් 2026 මැයි 14 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ඩියුක්ස් කෝට් 2 හි පැවැත්වීමට සූදානම් කර ඇත.
ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාසයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ මෙය සංවිධානය කර ඇත.මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්රවේශයන් ද ඉස්මතු කර ඇත.
මෙය ඉදිරිපත් කරනු ලබන්නේ Respire ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ රජරට විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසිනි .
මෙම සාකච්ඡාව සඳහා ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින් සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) නියෝජිතයින්, වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල විද්වතුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සාමාජිකයින් සහ ADIC, සර්වෝදය සහ CCT ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුළු කීර්තිමත් සහභාගීත්ව මණ්ඩලයක් එක්වනු ඇත.
RESPIRE යනු එඩින්බරෝ විශ්ව විද්‍යාලය සහ මලයා විශ්ව විද්‍යාලය සමනායකත්වය දරන ව්‍යාපෘතියක් වන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යන රටවල් ද එහි සාමාජිකත්වය දරයි. ආසියානු ජනගහනයේ ශ්වසන රෝග සහ ඒ ආශ්රිත මරණ අවම කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්මාණය සහ සායනික මැදිහත්වීම් සිදු කිරීම කෙරෙහි මෙමගින් අවධානය යොමු කරයි.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සත්කාර පර්යේෂණ ආයතනය (NIHR) විසින් RESPIRE ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලබයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්ද ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හදාරන ලද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් විසින් පරීක්ෂණාත්ම හෝ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කරන ලද අතර 15 වනදා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යය වෘත්තකයන් සහ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරුන් සියයක් පුහුණු කිරීමටද නියමිතය. පර්යේෂණය මහාචාර්ය සාවිත්‍රී විමලසේකර, මහාචාර්ය තමරා අමරසේකර, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මනෝජ් ප්‍රනාන්දු සහ ස්. ටුරාලේ ගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇත.
මෙමගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සදහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම මෙන්ම ඒ සදහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇත.

වමේ සිට දකුණට
ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු — ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති
මහාචාර්ය දුමින්ද යසරත්න — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි
මහාචාර්ය දුෂාන්ත මාදෙගෙදර — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි
ආචාර්ය හංසක විජේමුණි — ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය රාජේෂ් සම්භාජිරාවෝ පණ්ඩව් — ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත
මහාචාර්ය සාවිත්‍රි විමලසේකර — RESPIRE ව්‍යාපෘතියේ සම-ප්‍රධානි
ආචාර්ය ප්‍රසන්න හේරත් — කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
