අවුරුදු ඉවර වුණත් අවුරුදු රසය තවමත් රකින කවිෂ් නිමල්කගේ TikTok පිටුව

අවුරුදු උත්සව සමය නිම වුවද ඒ හා බැඳුණු සතුට, සුන්දරත්වය එකපාරටම නැති වෙලා යන්නේ නැහැ. සරල, හුරුපුරුදු මතකයන් එක්ක ඒ සුන්දරත්වය බොහෝ කාලයක් අපේ හිත්වල රැඳිලා තියෙනවා. කෑම බීමවලින් පිරුණු කෑම මේසය, අවුරුද්දට දින කිහිපයකට කලින් ඉඳන්ම කාර්යබහුල වුණු කුස්සියේ ශබ්දය, වගේම තවත් එක කැවුම් ගෙඩියක් හෝ කොකිස් එකක් කන්න තියෙන ආශාව ඇතුළේ ඒ මතකය ජීවත් වෙනවා.

අපිට ඉතිරි වෙන්නේ කෑම විතරක්ම නෙවෙයි. කෑම ලෑස්ති කරපු හැටි, හැමෝම එකතු වෙලා ගත කරපු කාලය සහ අවුරුදු එනකල් සතුටින් මඟ බලන් හිටපු හැටි ඒ මතකයන් අතර තියෙනවා. ගොඩක් අයට මේ මතකයන්ගෙන් මිදෙන්න අමාරුයි. හැබැයි දැන්, ඒ අවුරුදු හැඟීම උත්සව කාලයට විතරක් සීමා වෙන්නේ නැහැ. TikTok වැනි සමාජ මාධ්‍ය හරහා කෑම වට්ටෝරු, වීඩියෝ සහ අත්දැකීම් බෙදාගැනීම නිසා, නිවසට විතරක් සීමා වෙලා තිබුණු අවුරුදු අසිරිය උත්සව සමයෙන් පස්සෙත් දිගටම පවත්වා ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙනවා.

එහෙම නිර්මාණකරුවෙක් තමයි කවිෂ් නිමල්ක. ඔහු තමන්ගේ Tasty Kitchen කියන TikTok පිටුවෙන් තවමත් අවුරුදු මතකය අපේ හදවත් තුල අවදි කරන්න සමත් වෙලා තියෙනවා.

කවිෂ් ඉවුම් පිහුම් කරන්නේ වෘත්තීය පුහුණුවකින් හෝ පිළිගත් ඉගෙනීම් ක්‍රමයකින් පුරුදු වෙලා නෙවෙයි. ඔහු උයන ආකාරය හෝ සමාජ මාධ්‍ය හරහා බෙදාගන්නා දේ තීරණය කිරීමට කිසිදු වෘත්තීය පාඨමාලාවක් හෝ ආයතනික මගපෙන්වීමක් නැති ඔහු තමන්ගේ උනන්දුව, උත්සාහය හා අත්හදා බැලීම් වැනි දේ තුලින් හැකියාවන් වර්ධනය කරගෙන තිබෙනවා.

“මම කිසිම හෝටල් පාඨමාලාවක් හෝ වෘත්තීය ඉවුම් පිහුම් පාඨමාලාවක් හදාරලා නැහැ. මේක මම කරන්න කැමති දෙයක් විතරයි,” යැයි කවිෂ් පවසයි.

මෙම සරල පදනම ඉතා වැදගත් බව ඔහු විශ්වාස කරන්නේ, මිනිසුන් ඔහුගේ වීඩියෝ දෙස බලන ආකාරය තීරණය කරන්නේ එය නිසාය. පරිශීලකයින් සාමාන්‍යයෙන් තමන්ට සමීප සහ තමන්ටත් පහසුවෙන් කළ හැකි නිර්මාණ වෙත ආකර්ෂණය වන TikTok වැනි මාධ්‍යයක, වෘත්තීය මට්ටමේ පරිපූර්ණත්වයක් නොමැති වීම සීමාවක් නොව, විශාල වාසියක් බවට පත්වේ.

Covid කාලයේදී කාලය ගත කිරීම සඳහා TikTok වෙත පිවිස විවිධ නිර්මාණ අත්හදා බැලූ කවීෂ්ට තමන් කැමති සූප ශාස්ත්‍ර අත්දැකීම් ඒ හරහා බෙදා හදා ගැනීමට කැමැත්තක් ඇති විය. විවිධ ඉවුම් පිහුම් වීඩියෝ ඊට එක් වද්දී ඒ වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක් වූ අතරම කවීෂ් ජනප්‍රිය තරුවක් බවට පත් විය.

දකින සහ බෙදාගන්නා දේ TikTok මඟින් හැඩගස්වන අයුරු

TikTok මඟින් සිදු කරන්නේ වීඩියෝ වැඩි පිරිසක් වෙත රැගෙන යාම පමණක් නොවේ, එය වීඩියෝ ඉදිරිපත් කරන ක්‍රමවේදයද තීරණය කරයි. මෙම මාධ්‍යයේ සිටින අනෙකුත් නිර්මාණකරුවන් මෙන්ම කවිෂ්ගේ අන්තර්ගතයන්ද හැඩගැසී ඇත්තේ කෙටි වීඩියෝ නැරඹීමට ප්‍රේක්ෂකයන් තුළ ඇති කැමැත්ත අනුවය. එහිදී කෑම වට්ටෝරු ඉතා පැහැදිලි, වේගවත් සහ දෘශ්‍යමාන පියවරවලට වෙන් කර ඉදිරිපත් කෙරේ. මෙහි ඇති සෑම පියවරක්ම, අත්‍යවශ්‍ය විස්තර මඟ නොහැර ඉතා ඉක්මනින් වටහාගත හැකි පරිදි සකස් කර ඇත.“අවුරුදු කාලෙට මම ප්‍රධාන වශයෙන්ම අප්ලෝඩ් කරන්නේ අවුරුදු කෑම වට්ටෝරු, ඒ වගේම මම හැමදේම ඉතා පැහැදිලිව විස්තර කරනවා,” යැයි කවිෂ් පවසයි. අවුරුදු සමයේදී ප්‍රේක්ෂකයන් මේ ආකාරයේ අන්තර්ගතයන් පිළිබඳව බහුලව අවධානය යොමු කරන බැවින් එය නරඹන ප්‍රමාණය ඉතා ඉහළ යයි. 

TikTok Creative Center වැනි මෙවලම් මඟින් ප්‍රේක්ෂකයන් වඩාත් ප්‍රිය කරන්නේ කුමන දේටද යන්න පිළිබඳව නිර්මාණකරුවන්ට පුළුල් අවබෝධයක් ලබා දෙයි. Trending sounds සහ Formats හඳුනා ගැනීම හරහා, තමන් ඉදිරිපත් කරන ප්‍රධාන මාතෘකාව වෙනස් නොකර, ප්‍රේක්ෂක රුචිකත්වයට ගැළපෙන පරිදි වීඩියෝ හැඩගැස්වීමට මෙම මෙවලම් උදවු වේ. මීට අමතරව, වීඩියෝ සුරැකීම (Saves), අන් අය සමඟ බෙදාගැනීම (Shares) සහ අදහස් දැක්වීම (Comments) වැනි අංග නිසා කෑම වට්ටෝරුවක් ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මිනිසුන් වීඩියෝවක් එක වරක් නරඹා සිටින්නේ නැත; ඔවුන් එය නැවත නැවත නරඹමින් ප්‍රයෝජනයට ගනී. උයන අතරතුර වීඩියෝව වෙත පැමිණීමට, අවශ්‍ය පියවරකදී එය නවත්වා බැලීමට හෝ එය ප්‍රයෝජනවත් විය හැකි වෙනත් අයෙකුට යැවීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ඇත.

TikTok වැනි සමාජ මාධ්‍ය මඟින් අවුරුදු උත්සවයේ සැබෑ අත්දැකීම සම්පූර්ණයෙන්ම විස්තර නොකරන නමුත්, එය පවතින කාලය දීර්ඝ කරන බවයි. අවුරුදු සමය අවසන් වූ පසු ඒ පිළිබඳව පසුතැවෙන හෝ අවුරුදු සිරිය නැවත විඳීමට කැමති අයට කෑම වට්ටෝරුවක්, කෑම සාදන ක්‍රමයක් හෝ හුරුපුරුදු දර්ශනයක් හරහා එහි කොටස් වෙත නැවත පිවිසීමට ඇති හැකියාව ඉතා වැදගත් වේ. එයින් සිදුවන්නේ සියල්ල තිබූ ආකාරයෙන්ම නැවත නිර්මාණය කිරීම නොව, තමන්ට වඩාත්ම අර්ථවත් වූ මතකයන් සමීප කර ගැනීමට අවස්ථාව ලැබීමයි.කවිෂ් ඔහුගේ වීඩියෝ නිර්මාණ හරහා සමස්ත අවුරුදු උත්සවයම ඒ ආකාරයෙන්ම රඳවා තබා ගැනීමට උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට, ඔහු කරන්නේ අප සැබවින්ම ජීවත් වූ සහ අත්විඳි මතකයන් කුඩා කොටස් වශයෙන් මිනිසුන්ට පහසුවෙන් ළඟා කරගත හැකි පරිදි සකස් කිරීමයි. එම නිසා අවුරුදු අත්දැකීම සම්පූර්ණයෙන්ම අවසන් වී ඇතැයි අපට නොසිතේ. එය උත්සව සමය නිම වී බොහෝ කල් ගත වූ පසුවත්, නැවත නැවත නැරඹිය හැකි, අන් අය සමඟ බෙදාගත හැකි සහ දිගටම පවත්වා ගෙන යා හැකි නවීන අවස්ථාවක් බවට පත්ව ඇත.