ඩොලරයට සපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ මෑත කාලීන ප්‍රවණතාව පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් අපනයන සංගමයේ අවධානය ද යොමු ව ඇත. මේ පිලිබඳව අදහස් දක්වමින් ඔහුන් පවසන්නේ රුපියලේ අවප්‍රමාණය වීම හුදෙක්ම ආර්ථිකය දුර්වල වීමකට වඩා ගෝලීය සිදුවීම් ආශ්රිත සන්දර්භය තුල විමසා බැලිය යුතු බවයි. විශෙෂයෙන්ම මැදපෙරදිග යුද තත්වය, සහ ගෝලීය ඛණිජ තෙල් මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු ඉහල යෑම මේ සඳහා ප්‍රධාන සාධක බවට පත් ව ඇත.
රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම කිසිදු ලෙසකින් ශ්‍රී ලංකා ආර්ථික කාර් ය සාධනයෙහි පසුබෑමක් ලෙස අර් ථකථනය කල නොහැකි බව පවසන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මේ පිලිබඳව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැවසුවේ විනිමය අනුපාතය ආර්ථිකයක කාර්යසාධනය මනින එකම මිනුම් දණඩ නොවන බවත් රුපියල අවප්‍රමාණය වීම නිසා ආර්ථිකයට යම් ධනාත්මක සාධකයන්ද පවතින බවත් සඳහන් කලේය.
ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට අපි රටක් ලෙස මෙම තත්වයට මුහුණ දෙන්නේ තනියෙන් නොව පසුගිය සති කිහිපය තුල ඉන්දියානු රුපියල ද ඛනිජ තෙල් මිල ඉහළ යෑම හමුවේ මේ ආකාරයට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර මේ සඳහා අඛණ්ඩව රටින් බැහැරව ගලා ගිය ප්රාග්ධනය සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතු වූ බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.8%කින් අවප්‍රමාණය වන විට ඉන්දියානු රුපියල 6.2%කින් සහ ඉන්දුනිසියානු රුපියා මුදල් ඒකකය 5.2%කින් ද අවප්‍රමාණය වී ඇත. මේ අනුව ඩොලරයට සාපේක්ෂව සෙසු මුදල් ඒකකය අවප්‍රමාණය වීම ගෝලීය සහ කලාපීය වශයෙන් සෑම රටක්ම මුහුණ දෙන තත්වයක් බව පෙනී යයි. වර් තමාන තත්වය මෙන් නොව 2022 වසර තුල ලංකාව මුහුණ දී සිටියේ අභ්‍යන්තර ආර්ථික අර්බුදයකට බව මහ බැකුව සිහිපත් කරයි.
“රුපියලේ ඇති ව තිබෙන වර්තමාන විචල්‍ය අප විසින් අවබෝධ කර ගත යුත්තේ නිවැරදි සන්දර්භයකට අනුවයි. මේ තත්වය ලංකාවට පමණක් අනන්‍ය වූවත් නොවේ. ගෝලීය සාධක සහ මැදපෙරදිග කලාපයේ ඇති ව තිබෙන අස්ථාවර තත්වය , අඛණ්ඩව ඉහල යන ඛනිජ තෙල් මිල, සහ ඉහළ යන නැව් ගාස්තු යන සාධක මෙම කලාපයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් ඒකකයන් මත පීඩනයක් ඒල්ල කිරීම මත එම රටවල මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වන බවත් ඉන්දියාව ඇතුලු මේ තත්වයට මුහුන දී සිටින ඇතැම් රටවල් තම මුදල් ඒකකය අවප්‍රමාණය වීමට ඉඩ ලබා දෙමින් ගෝලීය වශයෙන් සිදු කල යුතු ආර්ථික වෙනස්කම් සඳහා පහසුකම් සලසමින් සිටිනවා” යනුවෙන් ඒකාබද්ධ සංගමෙය් සභාපති ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ රුපියල අවප්‍රමාණය වූවද , දැනට පවතින රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික ස්ථායිතාව මෙන්ම මූල්‍ය විනය පවත්වාගෙන යාම ඒ ආකාරයටම පැවතියහොත් අපනයන ආර්ථිකය ශක්තිමත් වීම සහ අපනයන තරගකාරීත්වය පවත්වාගෙන යෑමටත් හැකි වීම තුල ශ්‍රී ලංකාවේ බාහිර තත්වය වඩාත් යහපත් වනු ඇති බවයි.
“ රුපියල අවප්රමානය වීම නිසාම ආර්ථිකය බිඳ වැටෙනු ඇති බව පැවසීම සත්‍ය නොවේ. ඇඟලුම් වැනි අපනයන ක්ෂේත්රයන් සඳහා සඳහා තරගකාරී වැනිමය අනුපාතයක් පැවතීම තුල අපනයන වඩාත් තරගකාරී මට්ටමකට පැමිණෙන අතර මේ නිසාම රැකියා අවස්ථා සුරක්සිත වීම , අපනයන ඉපැයුම් ශක්තිමත් වී වඩාත් පුලුල් ආර්ථික ප්‍රතිලාභයක් ඒයින් ලැබෙන බව පෙන්වා දිය හැකියි. විදේශ විනිමය ගෙන එමින් විදේශ සංචිත ගොඩ නැගීමට දායක වීම සඳහා මේ අවස්ථාවේදී අපනයනකරුවන්ට විශාල කාර්ය භාරයක් සිදු කිරීමට තිබෙනවා” යනුවෙන් ෆීලික්ස් ප්රනාන්චු මහතා වැඩිදුරටත් පැවසීය.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙන ආකාරයට මේ අවස්ථාවේදී අපගේ ඉලක්කය විය යුතුව ඇත්තේ ගැණුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම, වැරදි පුරෝකථනයන් වෙත යෑම වැළැක්වීම, සහ අපනයන ආදායම් උපයන කර්මාන්තයන් වෙත සහාය වීමය. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ තරගකාරී විනිමය අනුපාත, ස්ථාවර ප්‍රතිපත්ති, කාර්යක්ෂම නැව් හා ගුවන් භාණ්ඩ මෙහෙයුම් සහ මෙහෙයුම් පිරිවැය අඩු කර ගැනීම, වැනි සාධක මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීමටත්, ඒ අතරම ගෝලීය වෙළෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තත්වය ශක්තිමත් කර ගැනීමටත් හැකි වනු ඇති බවයි.
