( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජුනි මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජුනි මස 30 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 30 JUNE 2026
Issued at 05.30 a.m. on 30 June 2026.
Showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts. Fairly heavy falls above 50 mm are likely at some places in these areas.
Showers or thundershowers may occur at several places in Uva province and in Ampara and Batticaloa districts after 2.00 p.m.
Strong winds of about (40-50) kmph can be expected at times over Western, Sabaragamuwa, Central, Southern, North-central and Northwestern provinces and in Trincomalee district.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
