ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ.ජී.එල්.එස්. ජයවර්ධන මහතා පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ආචාර්ය ජේ.ජී.එල්.එස්. ජයවර්ධන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජූලි 01 වනදා පස්වරුවේ භාර දෙන ලදී.
ආචාර්ය ජේ.ජී.එල්.එස්. ජයවර්ධන මහතා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරයි.
