22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අනාගතය ඉලක්ක කරගත් සන්ෂයින් හෝල්ඩින්ග්ස් SUN Awards 2026 උළෙලේදී සේවක විශිෂ්ටතා අගයයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වන SUN Awards 2026 ‘අනාගතය නව මානයකින් දකිමු’ (Reimagine the Future) යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි.
සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල සාමාජික සාමාජිකාවන් සහභාගී වූ මෙම උළෙලේදී, 2025/26 මුල්‍ය වර්ෂය තුළ ඉහළ දක්ෂතා, සාමූහිකත්වය, කැපවීම සහ පැහැදිලි අරමුණක් සහිතව කටයුතු කළ සාමාජික සාමාජිකාවන් මෙන්ම කණ්ඩායම්ද ඇගයීමට ලක් කෙරිණි. මෙවර තේමාව තුළින් සන්ෂයින් සමාගම නව්‍යකරණය ඉස්මතු කරමින්, නායකත්ව හැකියාවන් වර්ධනය කරමින් සහ ඕනෑම වෙනසකට ඉක්මනින් හැඩගැසිය හැකි පරිදි අනාගතයට ගැළපෙන ආයතනයක් ලෙස ගොඩනැගීමට දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වේ. තවද මෙමඟින් පාරිභෝගිකයින්, ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ සමස්ත සමාජය වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කෙරෙහි සමාගමේ අවධානයද පෙන්නුම් කරයි.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙහිදී පුද්ගල දක්ෂතා මෙන්ම කණ්ඩායම් සාර්ථකත්වයන්ද ඇගයීමට ලක් කරමින් කුසලතා, විශිෂ්ටතා සහ සභාපති සම්මාන ඇතුළුව සම්මාන 169 ක් ප්‍රදානය කරන ලදී. සන්ෂයින් සමාගමේ අඛණ්ඩ වර්ධනයට හා ප්‍රගතියට දායක වූ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් සතු සුවිශේෂී දක්ෂතා සහ කුසලතා මෙලෙස සම්මානයට පාත්‍ර විය.
තවද සමූහය විසින් වසර 10 සිට 25 ක් දක්වා දීර්ඝ කාලයක් සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සාමාජික සාමාජිකාවන් අගයමින් දිගුකාලීන සේවා සම්මාන 119ක්ද පිරිනමන ලදී.
මෙම උත්සවයන් අමතමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “SUN සම්මාන උළෙල යනු හුදෙක් ජයග්‍රහණ ඇගයීමක් පමණක්ම නොවේ, එය සන්ෂයින් සමාගම ඉදිරියටම රැගෙන යන අපගේ සාමාජික සාමාජිකාවන්ගේ ආකල්ප, නොසැලෙන ධෛර්යය සහ කැපවීම අගය කිරීමක්. ඉතා ඉක්මනින් වෙනස් වන ව්‍යාපාරික වටපිටාවක් තුළ අපේ සාර්ථකත්වය රැඳී තිබෙන්නේ නව්‍යකරණය, සාමූහිකත්වය සහ වෙනස්ම ආකාරයට සිතීමට අපට ඇති හැකියාව මතයි. ‘අනාගතය නව මානයකින් දකිමු’ යනු හුදෙක් තේමාවක් පමණක් නොව සන්ෂයින් සමාගමේ අනාගතය එක්ව හැඩගැස්වීම වෙනුවෙන් අප සැමට කෙරෙන ඇරයුමක්. සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් ඇප කැපවූ සියලුම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.” යනුවෙනි.
මෙම ප්‍රධාන සම්මානවලට අමතරව, සමූහයේ ව්‍යාපාරික වර්ධනයට ලබාදුන් දායකත්වයෙන් ඔබ්බට යමින්, සේවා ස්ථානය වඩාත් සුබවාදී හා සුහදශීලී ආයතනික පරිසරයක් බවට පත් කිරීමට කැප වූ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ‘Shine Awards’ නමින් විශේෂ ඇගයීම් සම්මාන කිහිපයක්ද මෙහිදී පිරිනමන ලදී. මෙයට අමතරව ගායන, නර්තන ඇතුළු විචිත්‍රවත් සංස්කෘතික හා විනෝදාස්වාද අංග රැසකින් හැඩවුණු මෙම වර්ණවත් රාත්‍රිය සාමාජික සාමාජිකාවන්ට එක්ව සතුටු වීමට කදිම අවස්ථාවක් විය.
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රු. බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 11.2% ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.
සිය සාමාජික සාමාජිකාවන් සමාගමේ වටිනාම වත්කම බවට සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විශ්වාසය සනාථ කරමින් 2026 SUN සම්මාන උළෙල සන්ෂයින් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම, දක්ෂතා හා ජයග්‍රහණයන් සමරනු ලැබූ වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz