22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

Star Sports නාලිකාව 2026 LPL තරඟාවලිය ඉන්දියාව පුරා සජීවීවවිකාශනය කිරීමේ නිල රූපවාහිනී අයිතිය හිමිකර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovative Production Group ^IPG& සමාගමේ වාණිජ අයිතිය යටතේ පවතින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ඔ20 ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් හි (LPL) එහි 6 වන අදියර 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සුවිසල් උනන්දුවක් සමඟින් පැවැත්වෙන මෙවර තරඟාවලියේ සියලුම තරඟ Star Sports රූපවාහිනී නාලිකාව හරහා සජීවීව විකාශනය කිරීමට කටයුතු සලසා ඇත.

LPL තරඟාවලිය යනු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ කරට කර තරඟ කිරීමට සහ ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු වටිනා අවස්ථාවකි. මෙවර තරඟ වාරය සඳහා දේශීය ක්‍රීඩකයන් 62 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයන් 32 දෙනෙකු එක්වන අතර, එමඟින් දේශීය දක්ෂතාවලට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ තරඟකාරීත්වයක් සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. මේ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රිකට් නාමය ගෝලීය ක්‍රිකට් ලෝකය සමඟ වඩාත් ශක්තිමත් ලෙස සම්බන්ධ කිරීමටද ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය විශාල දායකත්වයක් සපයයි.

LPL හි නිල හිමිකම දරන IPG සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ගෝලීය ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය දිනෙන් දිනම ශක්තිමත් කරගනිමින් සිටිනවා.ව මෙවර තරඟ වාරය සඳහා ලොව පුරා රටවල් 21 කින් විදෙස් ක්‍රීඩකයන් 650 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙමින් දැක්වූ වාර්තාගත උනන්දුවෙන් ලීග් තරඟාවලිය කෙරෙහි ලෝක මට්ටමින් ඇති වී තිබෙන ඉහළ ආකර්ෂණය මනාව පිළිබිඹු වනවා. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට දායක වන, නැඟී එන දේශීය ක්‍රීඩකයන්ට ලොව හොඳම ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසන සහ ලොව පුරා සිටින රසිකයන්ට ඉහළම මට්ටමේ අත්දැකීමක් ලබාදෙන වටිනා අවස්ථාවක්ද නිර්මාණයක කර දෙනවා.” යනුවෙනි.

LPL හි තරඟ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා අදහස් දක්වමින් “6 වන තරඟ වාරය LPL ගමනේ තවත් එක් උද්වේගකර සන්ධිස්ථානයක් නියෝජනය කරනවා. මෙවර තරඟාවලියට එක්වන ක්‍රීඩකයන්ගේ විශිෂ්ටත්වය තුළින් මෙම තරඟාවලියේ පවතින ශක්තිමත්භාවය මනාව පිළිබිඹු වන අතර, ජාත්‍යන්තර සුපිරි තරු සහ නැඟී එන ශ්‍රී ලාංකීය දක්ෂතා එකම වේදිකාවක තරඟ වැදීමට සූදානමින් සිටිනවා. ලෝක මට්ටමේ විකාශන දායකත්වය, ක්‍රීඩාවට ලැදි රසික පිරිස සහ ක්‍රිකට් ලෝකයේ දැවැන්තම ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වය සමඟින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත්, මතකයේ රැඳෙන තවත් LPL T20 ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා ලෝලීන්ට දායක කිරීමට තමන් බලාපොරොත්තු වනවා. ” යනුවෙන් පැවසීය.

මෙවර LPL තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ දැවැන්තම ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දක්ෂතාවන් එකට එකතු කරමින්, මෙතෙක් පැවැත්වුණු ශක්තිමත්ම ක්‍රීඩක සංචිතයන්ගෙන් සමන්විත වනු ඇත. ඒ අනුව මොයින් අලි, ජිමී නීෂම්, ශකීබ් අල් හසන්, ටස්කින් අහමඩ්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ දසුන් ශානක වැනි සුපිරි තරු රැසකගේ දක්ෂතා සජීවීව නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවේ. මීට අමතරව, ඉන්දීය ජාත්‍යන්තර ක්‍රීඩක විජයි ශන්කර් මහනුවර කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම ඛඡඛ තරඟාවලියට එක්වීම, ලොව පුරා සිටින දක්ෂතම ක්‍රීඩකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානතම ක්‍රිකට් ගමනාන්තයක් ලෙස ඛඡඛ තරඟාවලිය සතු ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් මනාව පැහැදිලි කරයි.

වාර්තාගත ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ උනන්දුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රේක්ෂක සහභාගීත්වය සහ පුළුල් වන ගෝලීය අනන්‍යතාවය සමඟින්, මෙවර 2026 LPL තරඟාවලිය ලීග් ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානමින් සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz