22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

City of Dreams Sri Lanka, කොළඹ නගරය විනෝදාස්වාදයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරයි

ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි.
බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක් වන රිතික් රෝෂන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සමාරම්භක උත්සවයක් සමඟින් ඇරඹි City of Dreams Sri Lanka ජාත්‍යන්තරව පිළිගත් විනෝදාස්වාදය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහාම නිර්මාණය වූ ස්ථානයක පැමිණීම සනිටුහන් කරනු ලැබීය. ගෙවුණු වසර පුරා එම දැක්ම ක්‍රියාවට නංවමින්, ලොව සුප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශීය නිර්මාණකරුවන් සමඟින් විශේෂිත අත්දැකීම් රැසක් බෙදා හදා ගැනීමටද City of Dreams කටයුතු කරන ලදී. මේ හරහා කලාපය පුරා සිටින ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගැනීමට City of Dreams Sri Lanka සමත්ව ඇත්තේ කොළඹ නගරයේ සංස්කෘතික වටිනාකම ඉහළ නැංවීමට සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි.
සුපිරි නලු රිතික් රෝෂන්ගෙන් ඇරඹි විශිෂ්ට ගමන බොලිවුඩ් නළු අර්ජුන් රාම්පාල් සහ 2023 ඉන්දීය විශ්ව රූ රැජින වන ශ්වේතා ශර්ධා එක් වූ Signature Glam උත්සවය මෙහි තවත් විශේෂ අවස්ථාවක් විය. ඉන්පසුව සුනිල් ෂෙට්ටි සහ නියා ෂර්මා ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු Signature Diwali Glitz දීපාවලි උත්සවයද ඊට එක් විය. සුවිශේෂී සංස්කෘතික සහ උත්සව සමයන් ඉලක්ක කරගනිමින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්හි ප්‍රමුඛ අරමුණක් වූයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ලෙස පැමිණෙන ඉන්දියානුවන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගනිමින් මුම්බායි සහ ඩුබායි වැනි විනෝදාස්වාද නගර අභිබවා වර්ධනය වන ප්‍රමුඛ ගමනාන්තයක් බවට City of Dreams Sri Lanka පත් කිරීමයි.
එතනින් නොනැවතී සංගීත සංදර්ශන හා රාත්‍රී විනෝදාස්වාද වැඩසටහන් හරහාද පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් ලබා දීමට City of Dreams කටයුතු කරන ලදී. එහි එක් පියවරක් ලෙස Viral Festival තුලින් Joe Lobel, SiangYoo, DCR Milda සහ Papazxk වැනි ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පීන් කොළඹට රැගෙන ඒමට City of Dreams සමත් විය. එමෙන්ම ජනප්‍රිය DJ Katch, Dreams & Beats හිදී සහභාගී වූ විශේෂ ප්‍රසංගය හරහා කලාපීය සංගීත ලෝලීන් City of Dreams වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව උදා විය.
එපමණක් නොව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංගීත සංස්කෘතිය වෙත එක් කරමින් ජාත්‍යන්තර DJ ශිල්පීන් සහ දේශීය ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පීන් එකම වේදිකාවකට රැගෙන එන වාර්ෂික සුවිශේෂී අවස්ථාවක් වූ house music festival වන Serendisco ද City of Dreams හිදී පවත්වනු ලබයි. Afro Safari සහ Afro House වැනි උසස් තත්වයේ සංගීතමය අත්දැකීම් හඳුන්වා දීමට City of Dreams කටයුතු කරන ලදී. එමෙන්ම, DJ Hamma සහභාගී වන Urban Sunset තුලින් අමුත්තන් වෙත අසමසම අත්දැකීමක් ලබා දීමට City of Dreams කටයුතු කර ඇත්තේ ඉන්දියන් සාගරයේ සුන්දරත්වය හා කොළඹ නගරයේ අලංකාරත්වය අත්විඳීමට කදිම අවස්ථාවක් නිර්මාණය කර දෙමිනි.
මෙම වසරේ සුවිශේෂීම අවස්ථාවක් වූයේ ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව City of Dreams Sri Lanka හිදී ඉදිරිපත් කළ, බි්‍රතාන්‍යයේ West End බලපත්‍රලාභී La Bamba සංගීතමය නාට්‍යයයි. ප්‍රකට West End නිෂ්පාදක පෝල් මොරිසිගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම නිර්මාණය සඳහා ජාත්‍යන්තර කලාකරුවන් මෙන්ම විවෘත පරීක්ෂණ හරහා තෝරාගත් දක්ෂ ලාංකික කලාකරුවන්ද එක් වූහ. The Forum හි පැවැත්වුණු දර්ශන වාර හත පුරාම, ජාත්‍යන්තර මට්ටමේ මෙවැනි විශිෂ්ට නිර්මාණ කොළඹ නගරය තුළ ඉතා සාර්ථකව පැවැත්විය හැකි බව මනාව ඔප්පු වූ අතර, දේශීය කලාකරුවන්ටද එම ජාත්‍යන්තර වේදිකාවේම රංගනයෙන් දායක වීමට වටිනා අවස්ථාවක් මින් උදා විය.
ලෝක ප්‍රකට හාස්යෝත්පාදක කලාකරුවෙකු වන රසල් පීටර්ස්ගේ අතිශය ජනප්‍රිය Relax World Tour ප්‍රසංගය සඳහා City of Dreams Sri Lanka වෙත පැමිණීමත් සමඟ, ජාත්‍යන්තර හාස්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රධානතම ගමනාන්තයක් ලෙස කොළඹ නගරය ලෝකය වෙත ගෙන යාමටද හැකි විය. මීට අමතරව, මෙම සංකීර්ණයේ විනෝදාස්වාද දින දර්ශනයට White Party, Cinco de Mayo උත්සව මෙන්ම Tamil Jazz Collective කණ්ඩායමේ සුවිශේෂී සංගීත ප්‍රසංගද ඇතුළත් විය. මේ ආකාරයේ දැවැන්ත රාත්‍රී විනෝදාස්වාද අත්දැකීම්වල සිට කලාපීය කලාත්මක අනන්‍යතාවයන් විදහා දක්වන සජීවී සංගීත ප්‍රසංග දක්වා විවිධත්වයකින් යුත් වැඩසටහන් රැසක් ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට City of Dreams සමත්ව ඇත.
සිංහල – හින්දු අලුත් අවුරුදු, චීන අලුත් අවුරුදු සහ Holi Rush වැනි උත්සව හරහා සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති s City of Dreams, Colombo Fashion Week සමඟ පවතින අඛණ්ඩ සහයෝගීතාවයෙන් විලාසිතා සහ නිර්මාණශීලීත්වයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සිය භූමිකාව තහවුරු කිරීමටද සමත්ව සිටියි.
City of Dreams හිදී පවත්වනු ලබන සෑම උත්සවයක්ම එකිනෙකට වෙනස් අනන්‍යතාවයන් සමඟින් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් උරුම කර දෙන්නේ වසර පුරාම කොළඹ නගරය ආකර්ෂණීය හා ක්‍රියාශීලී ගමනාන්තයක් බව පසක් කරමිනි. විනෝදාස්වාදය, සංස්කෘතිය හා ජාත්‍යන්තර මට්ටමේ විවිධ උත්සවයන්හි සුවිශේෂී සංවිධායකයකු හා පහසුකම් සපයන්නකු ලෙස සැමවිටම නවමු අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ගෙන එමින් ජාත්‍යන්තර ආකාර්ෂණය හිමි කර ගැනීමටත් දේශීය හා ජාතන්තර කලාකරුවන් ඇගයීමටත් City of Dreams කටයුතු කර ඇත්තේ සාර්ථක වසරක විශිෂ්ට ගමන නැවත නැවතත් සිහිපත් කරමිනි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz