22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනු – ගැමි කාන්තා පෙරමුණ මැයි දිනයේදී ආණ්ඩුවට බල කර සිටී

විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සදහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.

ගැමි කාන්තා පෙරමුණ ,ජෙස්මින් කාන්තා සංවිධානය ,ගාල්ල ව්‍යාරික කාන්තා සංවිධානය සහ දේශපාලන පක්ෂ නියෝජනය  කරමින් ගාල්ල නගරයේ පැයක පමණ පෙළපාලියක් පැවැත්වූ අතර කාන්තා සංවිධාන ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට රැස්වීමක් ද පවත්වනු ලැබීය.”සැකෙන් බියෙන් තොරව විදේශ රැකියාවේ නිරතවන්නට මග හදනු,රටට ඩොලර් ගෙන එන කතුන් සුරකිනු,විදේශ රැකියා ඩිජිටලයිස් කරනු,
බලධරයිනි මිනිස් ජාවාරමට ඉඩ නොතබනු,විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටලයිස් කරනු”ආදී වශයෙන් සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඔවුහු ආණ්ඩුවට බලකර සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz