( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2026 ඔක්තෝබර් මස 07 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ඔක්තෝබර් මස 07 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

WEATHER FORECAST FOR 07 OCTOBER 2026
Issued at 05.30 a.m. on 07 October 2026.
Showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, Central, Uva, North-western and Southern provinces and in Anuradhapura and Mannar districts after 1.00 p.m. Fairly heavy falls above 75 mm are likely at some places in Western, Sabaragamuwa, Central, North-western and Southern provinces.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
Misty conditions can be expected at some places in Central, Sabaragamuwa and Uva provinces during the early hours of the morning.