( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අගෝස්තු මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 17 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 17 AUGUST 2026
Issued at 05.30 a.m. on 17 August 2026.

Showers will occur at times in Sabaragamuwa province and in Kandy and Nuwara-Eliya districts.
Several spells of showers will occur in Western and North-western provinces and in Galle and Matara districts.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts after 2.00 p.m.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Northern, North-central, North-western and Southern provinces and in Trincomalee District.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.