( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජූලි මස 28 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 28 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.අද දින (ජූලි මස 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

WEATHER FORECAST FOR 28 JULY 2026
Issued at 05.30 a.m. on 28 July 2026.

A slight increase in rainfall is expected in the southwestern part of the island over the next few days, starting from Today (July 28).
Showers will occur at times in Sabaragamuwa province and in Kandy and Nuwara-Eliya districts.
Several spells of showers will occur in Western and North-western provinces and in Galle and Matara districts.
Mainly dry weather will prevail over the other areas of the island.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, Northern and North-central provinces and in Hambantota, Trincomalee and Puttalam districts.