මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පියවර ගැනීමට පළාත් අධ්‍යාපන බලධාරින්ට පවරා ඇති අතර, 2026.09.21 දින පෙ.ව. 9.00 වන විට මධ්‍යම පළාතේ පාසල් 35 ක් ද, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින් ද සමස්ත පාසල් 38 ක් අද (21) දින තුළ නොපවත්වන බව පළාත් අධ්‍යාපන බලධාරින් මෙම අමාත්‍යාංශයට දන්වා ඇත.