කටුනායක, 2026 ජූලි 24 – ශ්‍රී ලංකා රේගුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) නිලධාරීන් විසින් 2026 ජූලි 24 දින රාත්‍රී 9.55ට පැමිණීමේ පර්යන්තයේ හරිත මාර්ගයේදී (Green Channel – Arrivals) විදේශීය ජාතිකයෙකු වන 40 හැවිරිදි ව්‍යාපාරික සේවකයෙකු පරීක්ෂාවට ලක් කර ඇත.
AK 47 ගුවන් යානයෙන් පැමිණි එම පුද්ගලයාගේ ගමන් මලු දෙක තුළ සඟවා තිබූ විදේශීය සිගරට් කාටන් 201ක් (සිගරට් 40,200ක්) රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය සිගරට් තොගයේ දළ වටිනාකම රුපියල් 6,030,000ක් ලෙස ගණන් බලා ඇති අතර අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර ඇත.