චරණ ටීවී නාලිකාවට රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී ඇගයුම් රැසක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි
චරණ ටීවී රූපවාහිනී නාලිකාව, පසුගියදා පැවැති 15වැනි රූපවාහිනී රාජ්‍ය සම්මාන
උළෙලේදී වසරේ ප්‍රශස්ත පූර්ව ප්‍රචාරක පටය සඳහා වූ සම්මානය දිනාගැනීමට සමත්විය.
තව ද, ප්‍රශස්ත කතිකාමය වැඩසටහන, ප්‍රශස්ත සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන
සහ ප්‍රශස්ත සම්ප්‍රවේශක යන සම්මාන සඳහා ද චරණ ටීවී නාලිකාව නිර්දේශ විය.
ඒ අනුව, චරණ ටීවී නාලිකාවේ විකාශනය කෙරෙන තුශාන්ත විදානගේ නිෂ්පාදනය
කරන ‘කවි 10ට ගී දහයක්’ වැඩසටහනට, වසරේ ප්‍රශස්ත පූර්ව ප්‍රචාරක පටය සඳහා වූ
සම්මානය හිමිවිය. මෙරට කවිය සහ කවියාගේ අභිවෘද්ධිය මෙන්ම පාඨක රසවින්දනය
ද අරමුණු කරගනිමින් චරණ ටීවී නාලිකාව ආරම්භ කළ මෙම වැඩසටහනට මේ වනවිට
ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබේ.
චරණ ටීවී නාලිකාව රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලක් නියෝජනය කළ පළමු
අවස්ථාව ද මෙයවන අතර, එහිදී මෙලෙස සම්මාන සහ නිර්දේශ රැසකට හිමිකම් කීමට
ලැබීම ද විශේෂත්වයකි.
“මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නියෝජනය කළ ලාබාලතම රූපවාහිනී
නාලිකාව වූයේ චරණ ටීවී නාලිකාවයි. “චරණ ටීවී නාලිකාව ආරම්භ කර වයස අවුරුදු
තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙරට සෙසු රූපවාහිනී නාලිකාවල සම්ප්‍රදායික
ආකෘතියෙන් බැහැරව ස්වකීය අනන්‍යතාවයක් ඉස්මතු කරමින් ඉදිරියට පැමිණීමට අපට
හැකිවුණා. අපගේ වැඩසටහන් පෙළගැස්ම තුළින් ඉදිරිපත් කළ වෙනස බොහෝ
ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගත්තා. චරණ නාළිකාවේ වැඩසටහන් වල උසස්
තත්ත්වය නොකඩවා පවත්වාගෙන යෑමට එහි මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන
විජිත බණ්ඩාර ඇතුලු කණ්ඩායමේ කැපවීමද මේ මොහොතේ අගයකල යුතුයි.
රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේදී සම්මාන හා නිර්දේශ හිමිවීම තුළිනුත් ඒ
ජනප්‍රියත්වය වගේම විශිෂ්ටත්වයත් මනාව පිළිබිඹුවන බව අපගේ විශ්වාසයයි”,
යනුවෙන් SLT VisionCom (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න
මහතා පැවසුවේය.
මෙවර සම්මාන උළෙලේදී චරණ ටීවී තවත් සම්මාන තුනක් සඳහා නිර්දේශ වූ අතර, ‘
ප්‍රශස්ත කතිකාමය වැඩසටහන’ ලෙස තුශාන්ත විදානගේ නිෂ්පාදනය කරන ‘කවි 10ට ගී
දහයක්’ වැඩසටහන ද, ‘ප්‍රශස්ත සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන’ වශයෙන් අනුක
පෙරේරා නිෂ්පාදනය කරන ‘Art Beat’ වැඩසටහන ද, ‘ප්‍රශස්ත සම්ප්‍රවේශක’ සඳහා වූ
සම්මානයට ‘ කාලාත්‍රයේ කතාබහ’ වැඩසටහන ඉදිරිපත් කරන දුලාශි ධර්මසේන ද
නිර්දේශ විය.

‘නුවණැසින් සැරිසරන්න’ යන තේමාව යටතේ සිය වැඩසටහන් ඉදිරිපත් කරන, චරණ
ටීවී නාලිකාව යනු ශ්‍රී ලංකාවේ බහුවිධ හා සරුසාර වූ සංස්කෘතික මූලයන් ගවේෂණය
කිරීම අරමුණු කරගත් දේශීය රූපවාහිනී නාලිකාවකි. රටේ විවිධත්වයට ගරුකරමින්
ජනතාවගේ සෞන්දර්යාත්මක අවශ්‍යතා සපුරාලීම එහි මෙහෙවර වී තිබේ. SLTMOBITEL-
PEOTV සහ PEOTVGO නාලිකා අංක 05 සහ Ask Cable Vision නාලිකා අංක 15 ඔස්සේ
චරණ ටීවී නැරඹිය හැකි අතර, YouTube සහ අනෙකුත් ඩිජිටල් අවකාශ ඔස්සේ දිවයින
පුරා තවත් විශාල ප්‍රේක්ෂක පිරිසක් එහි අන්තර්ගතය නරඹති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *