patpat.lk ශ්‍රී ලංකාවේ ලොකුම online search එක බවට පත්වෙයි

patpat.lk වෙබ් අඩවිය සහ ඒ හරහා පිරිනමන සේවාවන්
වැඩිදියුණු කිරීමත් සමග එය මේ වනවිට මෙරට එදිනෙදා ජීවන රටාවන්ට අදාළ “ශ්‍රී
ලංකාවේ ලොකුම online search එක” බවට පත්වී තිබේ. පාරිභෝගිකයන්ට දැන් එම වෙබ්
අඩවිය ඔස්සේ රථවාහන, වෙළඳපොළ, දේපළ, අධ්‍යාපන සහ විවේක යන ප්‍රධාන කාණ්ඩ 5
යන යටතේ දැන්වීම් පළකිරීම හා පරීක්ෂා කිරීම සිදුකළ හැකි අතර, දැනටමත් දැන්වීම්
100,000 කට අධික සංඛ්‍යාවක් එහි පළකර ඇත.
patpat.lk එක් විශේෂත්වයක් වන්නේ, එහි අලෙවිය සඳහා පළකර ඇති ඕනෑම
නිෂ්පාදනයක් හෝ සේවාවක් සමග, ඒ සඳහා ලබාගත හැකි මූල්‍ය පහසුකම් පිළිබඳ
තොරතුරුද පළකර තිබීම ය. එම නිසා පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් වාහන
කල්බදු, දේපළ ණය, අධ්‍යාපන ණය, පුද්ගලික ණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් වැනි සේවාවන්
සඳහා වෙබ් අඩවිය ඔස්සේම අයදුම් කළ හැකි වේ. එලෙස අයදුම්පත් යොමුකිරීමෙන්
අනතුරුව, විනාඩි 15 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ අයදුම්කරු සමග සම්බන්ධ
වීමට patpat.lk කණ්ඩායම කටයුතු කරනු ඇත. නව මුහුණුවරක් සමගින්, වඩාත්
පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි වැඩිදියුණු කර ඇති patpat.lk වෙබ් අඩවිය
පාරිභෝගිකයන්ට මෙන්ම අලෙවිකරුවන්ටද ප්‍රතිලාභ රැසක් සලසයි.
ඉලෙක්ට්‍රොනික උපාංග, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ග්‍රොසරි භාණ්ඩ ඇතුළු කාණ්ඩ
100 කට අධික සංඛ්‍යාවක් යටතේ patpat.lk හි දැන්වීම් පළකර තිබේ. නිෂ්පාදන හා
සේවාවන් සම්බන්ධ ඕනෑම ආකාරයේ සහයෝගයක් සඳහා WhatsApp හෝ Viber ඔස්සේ
අලෙවිකරුවන් සම්බන්ධ කරගැනීමට ගැනුම්කරුවන්ට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර,
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘Made in Sri Lanka’
කාණ්ඩය යටතේ දේශීය නිෂ්පාදකයන්ට හා ව්‍යවසකයන්ට ප්‍රමුඛත්වය ලබාදීමටද
patpat.lk කටයුතු කර ඇති අතර, භාණ්ඩ විකිණීමේදී අලෙවිකරුවන්ගෙන් කිසිදු ගාස්තුවක්
හෝ කොමිස් මුදලක් අය නොකෙරේ.
Marketplace, vehicle, property වැනි ප්‍රධාන කාණ්ඩ යටතේ තවත් අනුකාණ්ඩ රැසකට අදාළව
patpat.lk හි දැන්වීම් පළකර තිබේ. අතේ ඇති මුදල සහ දැරිය හැකි මාසික වාරිකය යනාදී
සාධක අනුව රථවාහන දැන්වීම් පරීක්ෂා කිරීමට ගැනුම්කරුවන්ට පහසුකම් සලසා දී ඇත.
‘Education’ ප්‍රධාන කාණ්ඩය යටතේ විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව පිළිගත් ආයතන
මගින් පිරිනමනු ලබන ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා සහ වෘත්තීය පාඨමාලා
ආදිය සම්බන්ධ දැන්වීම් මෙහි පළකර තිබේ. ‘Leisure’ කාණ්ඩය යටතේ රටපුරා විවිධාර
හෝටල් හා සංචාර පැකේජ ආදිය පිළිබඳ දැන්වීම් පරීක්ෂා කළ හැක.
පාරිභෝගික අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් patpat.lk වෙබ් අඩවියේ වැඩිදියුණු
කිරීම් සිදුකර ඇති අතර, මූලික කාණ්ඩ 5 පිළිබඳ සංක්ෂිප්ත විස්තර එක් පිටුවක ලබා දී
ඇති නිසා වෙබ් අඩවිය භාවිතා කිරීම වඩාත් පහසු වී තිබේ. පාරිභෝගිකයන්ට අවශ්‍ය නම්
සෘජුවම මුල් පිටුව තුළින්ම මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කළ හැක. නිතර දැන්වීම්

පළකරන අලෙවිකරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ රාශියක් සහිත, කිසිදු ගාස්තුවකින් තොර
සමාජිකත්ව ක්‍රමයක් හඳුන්වා දීමටද patpat.lk පියවර ගෙන තිබේ. විකිණුම්කරුවන්ට
වෙන්වූ විශේෂ පිටු තුළදී ඔවුන්ට අවශ්‍ය නම්, තමන් අලෙවි කරන භාණ්ඩ පිළිබඳ වැඩිදුර
විස්තර ගැනුම්කරුවන් වෙත ලබාදීමේ හැකියාව ඇත.
iOS සහ Android මෙහෙයුම් පද්ධති සමග භාවිතා කළ හැකි ජංගම යෙදුම (Mobile app)
ඔස්සේ අලෙවිකරුවන්ට patpat.lk සමග සම්බන්ධ විය හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර
තොරතුරු www.patpat.lk වෙබ් අඩවිය තුළින් හෝ 0117 449 999 අංකය ඇමතීමෙන් ලබාගත
හැක.
මුළුමනින්ම ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් ලෙස, ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන
පරිදි නිර්මාණය කරන ලද patpat.lk 2021 BestWeb.lk සම්මාන උළෙලේදී රන්
සම්මානයකින්ද, 2018/2019 SLT Zero One සම්මාන උළෙලේදී ‘Best Digital-Enabled
Product/Service’ කාණ්ඩයේ සම්මානයෙන්ද, 2019 Effie Awards Sri Lanka වැඩසටහනේදී ‘මූල්‍ය’
කාණ්ඩයේ රන් සම්මානයෙන්ද පිදුම් ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *