හැටන් නැෂනල් බැංකුව විදෙස් ශ‍්‍රමිකයින් උදෙසා ‘HNB අධිෂ්ඨාන’ සුවිශේෂී බැංකු පැකේජය හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ
යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL)
හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ
බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට හා
ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වා දී
ඇත.
සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල මූල්‍ය හා සමාජීය අවශ්‍යතා පිළිබඳව
මනා ලෙස අවබෝධ කර ගනිමින් ද සංක‍්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ
පවුල්වලට තිරසාර ජීවනෝපායන් සංවර්ධනයට හා යහපැවැත්මට සහාය වීම සඳහා ද
HNB මෙම විශේෂ පැකේජය නිර්මාණය කර තිබේ.
HNB අධිෂ්ඨාන පැකේජය හා සම්බන්ධිත ඉතුරුම් ගිණුම මගින් විදෙස්ගතව රැකියාවල
නියුතුව සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට තම ආදරණීයයන් වෙත මුදල් යැවීමට ආරක්ෂිත,
වඩා පහසු සහ ලාභදායී පේ‍්‍රෂණ ක‍්‍රමවේදයකට ඍජු ප‍්‍රවේශය ලබා දෙයි.
HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වා දීම වෙනුවෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ
උත්සවය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඞ් කබ්රාල්, HNB කළමනාකාර
අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, සහකාර අධිපති, ශ්‍රී ලංකා මහ
බැංකුව, ඞී. කුමාරතුංග, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා,
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල
පහසුකම් හා අධ්‍යාපන සේවා සහකාර කොමසාරිස්, සුධීර විතාන, HNB ඇෂුවරන්ස් ලයිෆ්
ප‍්‍රධාන විධායක නිළධාරී ලසිත විමලරත්න, බලපත‍්‍ර ලත් විදේශ සේවා නියුක්ති
නියෝජ්‍යායතන සංගමය (ALFEA) හි සභාපති එෆ්. මරික්කාර්, Mobitel ප‍්‍රධාන අලෙවි
නිළධාරී, ශෂික සෙනරත්, IIHS, ප‍්‍රධාන විධායක නිළධාරී/නිර්මාතෘ, වෛද්‍ය කිත්සිරි
එදිරිසිංහ සහ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් සහභාගී විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා
පැවසුවේ ‘‘ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් විසින් සිදු කර තිබෙන අතිවිශාල
දායකත්වය ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ රජය හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මෙරට සිටින
තම ආදරණීයයන් වෙත එවනු ලබන මුදල් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම
සඳහා පමණක් නොව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද අවශ්‍ය වනවා. ඔවුන්
ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගෙන, විදේශ පේ‍්‍රෂණ යැවීමට
පහසු සහ ආරක්ෂිත ක‍්‍රමවේද තිබෙන බව සහතික කිරීමට අපට අවශ්‍යයි. ඒවගේම
ඔවුන්ගේ පුද්ගලික මූල්‍ය අරමුණු සපුරා ගැනීමට ඔවුන්ට උපකාර කරන බවටද අප
සහතික වනවා.’’ යනුවෙනි.
‘‘වර්තමානයේදී බැංකුවක් යනු හුදෙක් ණය දෙන ආයතනයක් පමණක්ම නොවේ. ඔවුන්
වැඩි වැඩියෙන් ඔවුන්ගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙන්ම අවශ්‍යතා සපුරාලීම
වෙනුවෙන් මිනිසුන්, ප‍්‍රජාවන් සහ ව්‍යවසායන් සවිබල ගන්වන සංවිධානක් ලෙස පෙන්වා
දිය හැකියි. මෙම අධිෂ්ඨාන වැඩසටහන දියත් කරමින් HNB ශ‍්‍රී ලාංකික
සංක‍්‍රමණිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලීමට දැඩි උනන්දුවෙන්

කටයුතු කිරීම ගැන මම සතුටු වෙනවා.’’ යනුවෙන් කබ්රාල් මහතා වැඩිදුරටත්
පැවසුවේය.
සියලූම අධිෂ්ඨාන ගිණුම්හිමියන් උදෙසා විශේෂ ඩෙබිට් කාඞ්පතක් නිකුත් කරනු ඇති
අතර HNB හරහා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ එවනු ලබන
ගනුදෙනුකාරභවතුන්ට බැංකුව බොහෝ ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත.
ඔවුන්ගේ HNB අධිෂ්ඨාන ගිණුමේ අනිවාර්ය මුදලක් ඉතිරි කර ගැනීමට කැමති
පාරිභෝගිකයින්ට සුවිශේෂී නිවාස සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා ගැනීම සඳහා
සුදුසුකම් ලබා ගත හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී,
ජොනතන් අලස් මහතා සඳහන් කර සිටියේ ”පළමුවෙන්ම මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම
සඳහා සහභාගී වූ අපගේ ගනුදෙනුකාරභවතුන්ට සහ හවුල්කරුවන්ට මම ස්තුතිවන්ත
වනවා. මෙම ක්ෂේත‍්‍රයේ වසර 30කට අධික කාලයක් පුරාවට විදේශයන්හි සේවයේ
නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බැංකුවක් වශයෙන් අප
දන්නවා මෙම සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් අප රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කොටසක්
බව. ඒනිසා ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා වැදගත් දායකත්වයක් ලබා දෙන රට විරුවන්
සහ ඔවුන්ගේ පවුල්වලට විශේෂ වරප‍්‍රසාද සහ සැලකිල්ලක් ලබා දීම සඳහා මෙවැනි
වැඩසටහනක් දියත් කරමින් ඔවුන්ව නිසි ඇගයීමට ලක් කිරීමට හැකිවීම ගැන අප ඉතා
සතුටට පත්වනවා.’’ යනුවෙනි.
ප‍්‍රතිලාභ රැසක් සමඟින් හඳුන්වා දෙනු ලැබූ මෙම අධිෂ්ඨාන වැඩසටහන මගින් අපගේ
රට විරුවන් ලබා දෙන මිල කළ නොහැකි වටිනා දායකත්වය ඇගයීමට අප කැමතියි.
එමෙන්ම මීට සමාන මුලපිරීම් සංවර්ධනය කිරීමට පුද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයේම
අප වැනි පේ‍්‍රෂණ පහසුකම් සලසන ආයතන පෙළඹවීමට මෙම ව්‍යාපෘතිය හරහා අප
ලබා දුන් ආදර්ශය උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා. සංක‍්‍රමණික ශ‍්‍රී
ලාංකිකයන්ට වඩාත් අත්‍යවශ්‍ය මොහොතක සැලකිය යුතු ආරක්ෂිත, වඩාත් විශ්වාසදායී
විධිමත් ක‍්‍රම තෝරා ගැනීමට දිරිමත් කිරීමට මෙම ප‍්‍රතිලාභ උපකාර වනු ඇතැයි අප
බලාපොරොත්තු වනවා.’’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම ඔවුන්ගේ මූල්‍ය කටයුතු සැලසුම් කිරීමට සහාය වීම සඳහා බැංකුව ශ්‍රී ලංකා
විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟින්ද එක් වී ඇත. මේ සඳහා කිසිඳු
ගාස්තුවක් අය නොකිරීම විශේෂත්වයකි.
රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව
විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම
(app) සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස HNB මෑතකදී එක් විය.
මෙම යෙදවුම මගින් විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින
පේ‍්‍රෂණ නාලිකා වෙත සෘජුවම පිවිසිය හැකි අතර මේ නිසා ශ‍්‍රී ලංකාවට මුදල්
එවීමේදී ආරක්ෂිත, පහසු සහ ලාභදායී නාලිකා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.
HNB සිය පේ‍්‍රෂණ සේවාව හරහා විදේශ පේ‍්‍රෂණ ලබා ගන්නන් ඇගයීම සඳහා
‘Remittance Draw’ නමින් ප‍්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කළේය. මෙහිදී දිනුම් ඇදීමක්
මගින් තෝරා ගනු ලබන ජයග‍්‍රාහකයින් සඳහා සතිපතා රුපියල් 100,000 බැගින් ත්‍යාග
පිරිනමනු ලැබේ.

HNB පේ‍්‍රෂණ සේවාව මඟින් ලොව පුරා සිටින හවුල්කාර ජාලය හරහා මුදල් යැවීමට
පාරිභෝගිකයින්ට පහසුව සහ ආරක්ෂාව සලසා දෙයි. HNB ගෝලීය ජාලය, ලොව පුරා
කීර්තිමත් පේ‍්‍රෂණ නියෝජිතායතන සහ බැංකු රාශියක් සමඟින් ව්‍යාපාරික
සම්බන්ධතා 130 කට වැඩි ගණනකින් සමන්විත වේ. මුදල් එවන්නන්ට ශ‍්‍රී ලංකා මුදල්
හැර පිළිගත් මුදල් ඒකක 13 කින් මුදල් තැන්පත් කළ හැකිය.
HNB සිය ගෝලීය ජාලයට අමතරව, විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා
සපුරාලීමට සහාය වීම උදෙසා තෝරාගත් ස්ථාන වෙත නියෝජිතයින් යොදවා තිබේ.
තවද විදේශ පේ‍්‍රෂණ පහසුවෙන් ගෙවීම සඳහා ක්‍ Call and Credit සහ HNB Cash2Home
නමින් නව බෙදා හැරීමේ සේවා දෙකක් ද HNB හඳුන්වා දී ඇත. Call and Credit සේවාව
මගින් පාරිභෝගිකයින්ට 0112462462 හරහා HNB Connect ඇමතීමෙන් තම HNB ඉතුරුම්
ගිණුමට පේ‍්‍රෂණ බැර කරන ලෙස බැංකුවෙන් ඉල්ලා සිටිය හැක. HNB Cash2Home
සේවාව මගින් පේ‍්‍රෂණ ලබන්නාගේ නිවසටම පේ‍්‍රෂණ ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *