HNB හි පාරිසරික තිරසාර වැඩසටහනට ISO 14064 සහතිකය හිමි වෙයි

සිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG)
විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ
බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල විසින්
බැංකුවට ISO 14064 සහතිකය පිරිනමා ඇත.
ගෝලීය වශයෙන් පිළිගත් ISO 14064-3:2018 ප‍්‍රමිතීන්ට අනුකූලව HNB හි ප‍්‍රධාන කාර්යාලය සහ දිවයින
පුරා පිහිටි ශාඛා 252 ඇතුළුව සමස්ත බැංකුව ආවරණය කරමින් සිදු කරන ලද ස්වාධීන තක්සේරුවකින් පසුව මෙම
පිළිගැනීම හිමි කරගැනීම විශේෂිතය.
එමෙන්ම HNB විසින් සිය හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරි පිළිබඳ බැංකුව පුරා පුළුල් තක්සේරුවක් සිදු
කළේය. ISO 14064-1: 2018 ප‍්‍රමිතීන්ට අනුකූලව Climate Smart Initiatives ආයතනය විසින් එය සිදු කරන ලදී.
මෙහිදී බැංකුවේ 2021 වසර සඳහා කාබන්ඩයොක්සයිඞ් ^CO 2 & ටොන් 9,592 ක කාබන් පියසටහනක් සිදුව ඇති බව
අනාවරණය විය. මෙම විගණනයෙන් පසුව HNB හට ‘Carbon Conscious Certificate’ පිරිනමන ලදී.
”සමස්ත බැංකුව පුරාම කාබන් විමෝචනය සහතික කිරීම සඳහා විද්‍යාත්මක, ගෝලීය වශයෙන් පිළිගත්
ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම මගින් සෑම වසරකම HNB හට එහි පාරිසරික තිරසාර කාර්යසාධනය නිවැරදිව
තක්සේරු කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවස්ථාව ලබා දෙනවා.” යනුවෙන් මේ පිළිබඳව අදස් දක්වමින් HNB
විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්‍රිගෝ මහතා පැවසුවේය. ”අධික හරිතාගාර වායු
විමෝචනය නිසා ඇති වන දේශගුණික විපර්යාස දේශීය හා ගෝලීය වශයෙන් අභියෝග නිර්මාණය කරනවා. මෙම
තීරණාත්මක ගැටළුව විසඳීමට පෞද්ගලික අංශය පියවර ගැනීම ඉතා වැදගත් වන අතර අර්ථවත් ප‍්‍රතිඵල
අත්කර ගැනීම සඳහා අප විද්‍යාත්මකව සහ සාමූහිකව එය සිදු කිරීම වැදගත් වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත්
පැවසුවේය.
HNB හි GHG විමෝචනය සහතික කිරීම මින් ඉදිරියට වාර්ෂිකව සිදු කෙරෙනු ඇත. එමඟින් බැංකුවට සිය
කාර්යසාධනය පිළිබඳ මිණුම් දණ්ඩක් සලකුණු කිරීමට සහ කාබන් පියසටහන අඩු කිරීමට සුදුසු ස්ථිර උපායමාර්ග
ක‍්‍රියාත්මක කිරීමට බැංකුවට ඉඩ ලබා දෙයි. GHG විමෝචනය අවම කිරීමෙන් දේශගුණික විපර්යාසවලට
එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන ගෝලීය මුලපිරීමක් වන ISO 14064 සහතිකය ලබා ගැනීම හා සබැඳි
බැංකුවේ ප‍්‍රයත්නවල කොටසක් ලෙස HNB ‘කාබන් කළමනාකරණ සැලැසුමක්’ ද ප‍්‍රකාශයට පත් කොට තිබේ.
සිය කාබන් පියසටහන අවම කිරීමට මෙන්ම පුනර්ජනනීය බලශක්තිය වැනි අංශවලට සහයෝගය ලබා දෙන
සංවිධානවලට සහ ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අවධානය යොමු කරන පුළුල් පාරිසරික තිරසාර පියවර
රැසක් ද HNB දැනටමත් ක‍්‍රියාත්මක කර ඇත. සූර්ය, කුඩා ජල විදුලි සහ සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු බැංකුවේ
පුනර්ජනනීය බලශක්ති කළඹ සඳහා රු. බිලියන 7.3 ඉක්මවා ඇත.
‘Climate Smart Initiatives’ හි කොටසක් ලෙස බැංකුවේ සෑම සේවකයෙක්ම ‘HNB හරිත ප‍්‍රතිඥාව’ අනුව තම
රැකියාවේදී සහ නිවසේදී පරිසර හිතකාමී ලෙස තම දෛනික කටයුතුවල නිරත වෙයි. මෙම වැඩසටහනෙහි 13 වන
වසර වන මෙවර ඒ හරහා පාරිසරික වගකීම පිළිබඳව සේවකයින් අඛණ්ඩව දැනුවත් කිරීම සහ දේශගුණික
විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා බැංකුවේ විවිධ මුලපිරීම් සඳහා සහයෝගය ලබා ගැනීමට බැංකුව කටයුතු
කරමින් සිටී.
බැංකුවේ වඩාත්ම කැපී පෙනෙන පාරිසරික මුලපිරීම් අතරට ශක්තිමත් ඩිජිටල්කරණ වැඩසටහන ඇතුළත් වේ.
එමගින් අවම ලියකියවිලි භාවිතය හෝ හෝ ඇතැම් අවස්ථාවල කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
මෙම ප‍්‍රයත්නයට අමතරව HNB වෘත්තීය ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ගේ සේවාවන් සම්බන්ධ කරගනිමින්
ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාමාර්ග ද වේගවත් කර ඇත. බැංකුව මේ වන විට එහි ගනුදෙනුකරුවන්ගේ සහ
සැපයුම්කරුවන්ගේ තිරසාර පිළිවෙත් තක්සේරු කරන අතර ඊ-ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය කරයි.
එමගින් මෙම ක‍්‍රියාවලිය ‘හරිත’ මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *