සිය පාරිභෝගිකයින් වෙත කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සුවිශේෂ ලීසිං පහසුකම් ලබා දීමට HNB, බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි
යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි
ජනතාවගේ විශ්වාසය දිනූ බ‍්‍රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී
මූල්‍ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ
අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී.
HNB සහ බ‍්‍රවුන් සහ සමාගම අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින්
පාරිභෝගිකයින්ට බ‍්‍රවුන්ස් Yanmar සහ බ‍්‍රවුන්ස් World Sumo ගොයම් කපන යන්ත‍්‍ර
මෙන්ම TAFE හා Massey Ferguson ට‍්‍රැක්ටර් සඳහා ද සුවිශේෂී මූල්‍ය සහන සහිතව
ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. මරදාන, දේවානම්පියතිස්ස
මාවතේ පිහිටි බ‍්‍රවුන්ස් කෘෂි අංශ පරිශ‍්‍රයේදී පැවති විශේෂ උත්සවයකදී HNB
පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න සහ බ‍්‍රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර
යන්ත්‍රෝපකරණ අංශ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක යන මහත්වරුන්ගේ
මූලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු
කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘’මෙරට
ශ‍්‍රම බලකායෙන් 30% කට ආසන්න ප‍්‍රමාණයක් කෘෂිකාර්මික අංශය නියෝජනය කරන
අතර එමගින් අනාගතයේදී කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා යන්ත්‍රෝපකරණ ආනයනය
කිරීමට වැඩි ප‍්‍රවණතාවක් තිබෙනවා. අදවන විට රටක් ලෙස අප මුහුණ දෙන
අභියෝග සැලකිල්ලට ගනිමින් පුළුල් පරාසයක කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා
ආයෝජනය කිරීමට වඩාත් පහසු සහ වඩාත් වාසිදායක ගෙවීමේ විසඳුම් අපගේ
ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට අපි විශේෂයෙන් කටයුතු කර තිබෙනවා. දිවයින පුරා
සිටින ගොවීන්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා බ‍්‍රවුන් සමාගම සමඟ අපගේ
හවුල්කාරීත්වය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.” යනුවෙනි.
මෙහිදී සෑම පාරිභෝගිකයෙකුගේම ආදායමට ගැලපෙන හා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට
සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ පහසුකම් සහ අවම පොලී අනුපාත සමඟින්
ආකර්ෂණීය ලීසිං පැකේජයක් මෙම හවුල්කාරීත්වය මගින් සලසා දී ඇත. HNB
ගනුදෙනුකරුවන්ට Prestige Prime ක්‍රෙඩිට් කාඞ්පතක් ද මේ සමඟින් ලබා දෙනු ඇති අතර
එය පළමු වසරේ වාර්ෂික ගාස්තු වෙන් නිදහස් කර ඇත. මෙම කාඞ්පත මගින්
පාරිභෝගිකයින්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විසින් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර්
සහ බැටරි සඳහා අද්විතීය වට්ටම් ලබා දෙනු ඇත.
විශාල පරාසයක මෝටර් රථ අවශ්‍යතා සඳහා සැපයීමට කැපවී සිටින HNB ජෙනරල්
ඉන්ෂුවරන්ස් විසින් පාරිභෝගිකයින්ට සහනදායී මිලට වාහන සහ ජීවිත රක්ෂණ
යෝජනා ක‍්‍රම හරහා අමතර ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. මෙයට පාරිභෝගිකයින් සඳහා

වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික සහ නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ද ඇතුළත්
වේ.
”ශ්‍රී ලාංකීය කෘෂි යාන්ත‍්‍රීකරණයේ පුරෝගාමියා වශයෙන් දශක ගණනාවක් පුරා අපගේ
පාරිභෝගික මහතුන්ගේ විශ්වාසය ඒ අයුරින්ම පවත්වා ගනිමින් අද වන විට ලංකාවේ
තරගකාරී කෘෂි යාන්ත‍්‍රීකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස වැජඹෙන්නට බ‍්‍රවුන්ස් කෘෂි
අංශය සමත් වී තිබෙනවා. ගොවි ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා ලොව
පිළිගත් අති නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ පමණක් විශ්වාසයෙන්
වෙළෙඳපොලට හඳුන්වා දීමට බ‍්‍රවුන්ස් ආයතනය සැමවිටම වගකීමෙන් කටයුතු
කරනවා. එබැවින් අපගේ කෘෂි යන්ත‍්‍ර සඳහා නැවත විකිණීමේදී වැඩිම ඉල්ලූමක් හා
වැඩිම වටිනාකමක් ලැබෙනවා. අන් කිසිඳු ආයතනයකින් ලබා නොදෙන අසමසම
අලෙවියෙන් පසු සේවාවන් සපයමින් පාරිභෝගික මහතුන්ට අපගේ අඛණ්ඩ විශ්වසනීය
සේවාව ඔවුන්ගේ නිවසටම හෝ අවශ්‍ය ස්ථානයටම ලබා දෙන අතර දිවයින පුරා
විසිරුනු අමතර කොටස් ජාලය නිසා අපගේ කෘෂි යන්ත‍්‍ර සඳහා ලංකාවේ ඕනෑම
තැනකින් අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවත් මේ වන විට පුළුල් කර තිබෙනවා.
එබැවින් ගොවි ජනතාවගේ දියුණුවට එදා සිටම අත්වැලක් වන්නට ලැබීම ගැන බ‍්‍රවුන්ස්
ආයතනය ඉතාමත් අභිමානයෙන් යුතුව නිහතමානීව සතුටු වනවා. නිරන්තරයෙන් ගොවි
ජනතාවගේ දියුණුවට පන්නරය වෙමින් මූල්‍ය පහසුකම් සහිතව කෘෂි යන්ත‍්‍ර මිලදී
ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශ්වසනීය බැංකු සහකරුවෙකු වන සමඟ
ඒකාත්මික වෙමින් ලීසිං පහසුකම් ලබා දීමට කටයුතු කරන්න ලැබීම ගැන අපි සතුටු
වනවා.’’ යනුවෙන් බ‍්‍රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ
ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක මහතා පැවසුවේය.
මෙම ප‍්‍රවර්ධන කාලය තුළ බ‍්‍රවුන්ස් සමාගම සියලූම ට‍්‍රැක්ටර් මාදිලි සඳහා නොමිලේ
ලියාපදිංචි කිරීම සහ සේවා වාර 4ක් නොමිලේ පාරිභා්ගික මහතුන්ගේ නිවසටම ගොස්
සපයනු ලබයි. Massey Ferguson ට‍්‍රැක්ටර් සඳහා මාස 12ක් හෝ පැය 1000ක වගකීමක් ද
බ‍්‍රවුන්ස් TAFE ට‍්‍රැක්ටර් සඳහා වසර 2ක් හෝ පැය 2000ක වගකීමක් ද ලබා දෙනු ඇත.
මෙම HNB ලීසිං පහසුකම් යටතේ මිලදී ගනු ලබන බ‍්‍රවුන්ස් YANMAR ගොයම් කපන
යන්ත‍්‍ර සඳහා නොමිලේ සේවා වාර තුනක් සහ මාස හයක් හෝ පැය 600ක වගකීමක්
හිමි වේ. බ‍්‍රවුන්ස් World SUMO ගොයම් කපන යන්ත‍්‍ර සඳහා නොමිලේ සේවා වාර තුනක්
සහ මාස හයක් හෝ පැය 300ක වගකීම් කාලයක් හිමි වේ.

ඡුායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සන්ජේ විජේමාන්න (මැද) සහ බ‍්‍රවුන් සහ සමාගමේ
කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සංජය
නිශ්ශංක (දකුණේ සිට හයවැන්නා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම හුවමාරු
කර ගනිමින්. HNB සහ Brown & Company PLC නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ
නිළධාරීන් ද මෙම ඡුායාරූපයේ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *