LIFE ව්‍යාපෘතිය සමඟින් HNB තිරසාර සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවත් ශක්තිමත් කරයි

තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම
පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට
විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life
ව්‍යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය.
සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය ඇතිව ශ‍්‍රී ලංකා ජෛව
විවිධත්ව ආයතනය (BSL) විසින් ක‍්‍රියාත්මක කරන ලද මෙම පස් අවුරුදු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වන
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක වේ. පැළ තවාන් දැමීම, පැළෑටිවලට පොහොර
යෙදීම, පාංශු සංරක්ෂණය, පැළ ආරක්ෂණ ක‍්‍රම සහ වියළි කාලයෙදී පැළවලට ජලය යෙදීම ආදිය සහතික කරන
මෙම ව්‍යාපෘතිය සඳහා බැංකුව ක‍්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇත.
සාර්ථකව තවත් ඵලදායී වසරක් සම්පූර්ණ කිරීම පිළිබඳව අදහස් දක්වමින් HNB Sustainability/DGM/CHRO
ප‍්‍රධානී එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ‘’කන්නෙලිය රක්ෂිතයේ මේ දක්වා අත්කර ගෙන ඇති ප‍්‍රගතිය
පිළිබඳව HNB හි අප සතුටු වෙනවා. මීට කලකදී විනාශ වී ඇතැයි සැලකූ භූමියක් මේ වන විට රටේ පරිසර පද්ධතියේ
විවිධ ජීවී විශේෂවලට නිවහනක් සපයන ජීවයේ ප‍්‍රභවයක් බවට පත්වෙමින් තිබෙනවා.’’ යනුවෙනි.
‘‘මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් සමඟ හවුල් වීම අපගේ ආයතනය තුළ පමණක් නොව පරිසරය තුළ ද HNB හි
තිරසාර සංවර්ධන සඳහා වන කැපවීම තවත් ශක්තිමත් කරනවා. ආර්ථික අවිනිශ්චිතතාවය මධ්‍යයේ වුවද මේ
සම්බන්ධව සාර්ථකව කටයුතු කිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය, සොබාදහම සංරක්ෂණය සඳහා
වූ ජාත්‍යන්තර සංගමය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අප බෙහෙවින් ස්තූති වනවා. රටේ පාරිසරික
සම්පත් නොනැසී පවත්වා ගෙන යාමට ඔවුන් දරන උත්සාහය අගය කළ යුතු අතර මෙම ව්‍යාපෘතියේ අවසානය
දක්වා ඔවුන්ට සහයෝගය දැක්වීමට HNB අපේක්ෂා කරනවා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) යනු සිංහරාජය හැරුණු විට ශ‍්‍රී ලංකාවේ ඉතිරිව ඇති දෙවන
විශාලතම වන සංකීර්ණය වේ. මෙම සංකීර්ණය 1995 දී වන සංරක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද අතර
මෙම භූමිය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මෙරට තවත් ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් එය
කළමනාකරණය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ප‍්‍රතිසංස්කරණ
ප‍්‍රයත්නයන් හේතුවෙන් මෙම භූමිය ප‍්‍රතිරෝපණයේදී කැපී පෙනෙන ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙම
ව්‍යාපෘතියේ තත්වය දැක්වෙන වාර්තාවකින් සොයා ගෙන ඇත.
මෑතක දී බැංකුව ලෝක පාපැදි දිනයේදී සිය සේවකයින් අතර පරිසර හිතකාමී, සෞඛ්‍ය සම්පන්න සහ ආර්ථික
වශයෙන් පිරිමැසුම්දායී ප‍්‍රවාහන ක‍්‍රමයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ‘Walk the Talk’ වැඩසටහන හඳුන්වා
දුන්නේය. HNB ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා carpooling සහ පොදු ප‍්‍රවාහනය ප‍්‍රවර්ධනය කරන අතර
බැංකුවේ සේවකයින්ට සහනදායී මිලට පාපැදි ලබා දීමට වෙළෙන්දන් සමඟ ද අත්වැල් බැඳ ගෙන ඇත.
එපමණක් නොව, HNB එහි ආරම්භයේ පටන් සිය පාරිභෝගික ඒකක හරහා බලශක්ති කාර්යක්ෂම උපකරණ සඳහා
ආයෝජනය කර ඇත. මෙම ප‍්‍රයත්නයන් මගින් සිය පාරිභෝගික ඒකක 256 න් 95 ක් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක
වන අතර 2021 දී ජාතික විදුලිබල පද්ධතියෙන් යැපීම 19.7% කින් අඩු කර ඇත.

පැළ තවාන් දමන සේවකයින්


දමා ඇති පැළ තවාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *