හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රෙිලියානු
සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබා ගත් මෙරට ප්‍රථම
රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ
අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට
නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ
මිලකට සිදු කිරීමට පියවර ගෙන ඇත. මේ අනුව විවිධ සැත්කම්
සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව
සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම
යටතේ හේමාස් රොහල් සමූහයට අයත් රෝහලකදී මෙම සැත්කම්
සඳහා සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි
මිලකට සිදු කර ගත හැකි වීම මෙහි විශේෂිත වාසියයි.
0773920702 හෝ 076 302 2535 යන දුරකථන අංකයන් ඇමතීමෙන්
මේ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගත හැක.
පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික
මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථාවන්
සීමා සහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය
මූලික අරමුණ කර ගත් හේමාස් රෝහල් සමූහය විසින් මෙම
සුවිශේෂී පියවර ගෙන ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන්
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඖෂධ හා වෛද්‍ය උපකරණ
හිඟයකට මුහුණ පාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය
මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටීියි. මේ තත්වය
අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී
ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් වෙත ප්‍රවේශ
වීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මගින් තහවුරු කර ඇත. මේ
අනුව හේමාස් රෝහල් සමූහයට අයත් හේමාස් වත්තල හා
තලවතුගොඩ රෝහල් වෙතින් අවයව බද්ධ කිරීමේ සිට එක් දිනක්
තුළ සිදු කර ගත හැකි සැත්කම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය

කර ඇත. පවතින අර්බුදකාරී තත්වය තුළ රජයේ රෝහල් වලින්
සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි
විශාල පිරිසක් රැඳී සිටින අතර ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල
පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන
සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමට සිදු ව ඇත.
අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මගපෙන්වීම මත හේමාස්
රෝහල් සමූහයට පැමිණෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීම, විකලාංග
ක්ෂේත්‍රයේ සුළු සහ අනෙකුත් ප්‍රධාන සැත්කම් ද, උරස් හා උදර
කුහරය ආශ්‍රිත සුළු හා සාමාන්‍ය තත්වයේ සැත්කම් ද , සුවනාරි
ක්ෂේත්‍රයට අයත් වන සුළු හා සාමාන්‍ය සැත්කම් ද , උගුර කන්
නාසය සැතක්ම් හා මෞත්‍රලිංග ආශ්‍රිත සුළු සැත්කම් සහ සියලු
ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් හි ලියාපදිංචි ව සිටින රෝගීන්ට
හේමාස් රෝහල් සමූහය වෙතින් දැරිය හැකි මිලකට තම සැත්කම
සිදු කර ගත හැකි වනු ඇත.
රටේ පවතින මෙම අභියෝගාත්මක තත්වය හමුවේ ඉදිරියට
පැමිණෙමින් හේමාස් රෝහල් සමූහය විසින් ලබා දෙන මෙම
පහසුකම පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ
කළමණාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් සහ සාත්තු
නිවාස සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා “ රටේ
පවතින අර්බුදකාරී තත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයක් මෙන්ම
සුවසේවා ක්ෂේත්‍රයත් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. මිනිසුන්ගේ
මූලික අවශ්‍යතාවක් වන ඖෂධ සහ රෝහල් සේවා ක්ෂේත්‍රයද දැඩි
අභියෝගයන්ට මුහුණ දී සිටියද , පුද්ගලික අංශයේ රෝහල් සමූහයක්
ලෙසත් මෙරට ජනතාව වෙත අන්තර්ජාතික මට්ටමේ රෝහල්
සේවාවක් වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය තහවුරු කිරිමට කැපවී
කටයුතු කරන රෝහල් සමූහයක් ලෙසත් මේ අභියෝගාත්මක

අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙත ලබා දිය හැකි ඉහළම
දායකත්වය ලබා දීමට අපි නොපැකිලිව ඉදිරිපත් වන අතරම හේමාස්
රෝහල් සමූහය මගින් දියත් කර ඇති මෙම වැඩපිලිවෙළ මගින්
රජයේ රෝහල් ක්ෂේත්‍රය වෙත ඇති කර ඇති පීඩනය සමනය
කිරීමටත්. මෙම අර්බුදය හමුවේ බලාපොරොත්තු රහිතව දිවිගෙවූ
රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දීමටත් අපට හැකිවීම හේමාස්
රෝහල් සමූහයට ලැබෙන මාහැඟි ආශිර්වාදයක් බව මගේ අදහසයි”
යනුවෙන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *