SLT-MOBITEL වෙතින් 4G Router Home Delivery සේවාවක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම
සේවාවන් තවත් පුළුල්කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් 4G රවුටර් මිලදී ගැනීමට
අවස්ථාව සලසා දීම සඳහා 4G Router Home Delivery සේවාවක් හඳුන්වා දී තිබේ. 4G
රවුටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම සේවාව නොමිලේ ලබාදීමට කටයුතු යොදා
ඇති අතර, මේ නිසා මින් ඉදිරියට පාරිභෝගිකයන්ට SLT-MOBITEL සේවා මධ්‍යස්ථාන
වෙත පැමිණීමෙන් තොරව 4G රවුටර් සහ අන්තර්ජාල සම්බන්ධතාව ලබාගැනීමට හැකි
වනු ඇත.
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා SLT-MOBITEL සෑම විටම
උත්සාහ කරයි. එමෙන්ම ගමනාගමනය ඇතුළුව එදිනෙදා කටයුතු සම්බන්ධයෙන්
විවිධාකාර වූ අභියෝග වලට මුහුණ දීමට සිදු වී ඇති මෙවන් කාලයක, සුපුරුදු
කාර්යක්ෂම සේවාව පාරිභෝගිකයයන් වෙත පිරිනැමීමට SLT-MOBITEL නවතම පියවර
රැසක්ද ගෙන තිබේ. මෙම 4G Router Home Delivery සේවාව එම උත්සාහයේ එක්
පියවරකි.
4G Router Home Delivery සේවාව යටතේ අදාළ රවුටර් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත
රැගෙන එනු ලබන්නේ mAgent වරුන් විසිනි. පාරිභෝගිකයන්ට 1717 අංකය අමතා හෝ
www.sltmobitel.lk වෙත පිවිසී, තම තොරතුරු ලබා දී අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ හැකි
අතර, රවුටරය හා සම්බන්ධතාව පාරිභෝගිකයා වෙතටම පැමිණ ලබාදීමට SLT-
MOBITEL කටයුතු කරනු ඇත. මේ සඳහා කිසිදු ආකාරයට ඩිලිවරි ගාස්තුවක් අය
නොකෙරේ.
මෙම සේවාවේ අමතර අංගයක් ලෙස, පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් නව ජංගම
දුරකථන සම්බන්ධතා මෙන්ම, තමන් සතුව පවතින සිම් පත වෙනුවට නව සිම් පතක්
ඉල්ලා සිටීමටද අවස්ථාව ලබා දී ඇත.
ඉදිරියේදී පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් තවත් මෙවැනි නිර්මාණශීලී සේවාවන්
රැසක් හඳුන්වා දීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *