Cochchi.lk සමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඊ- වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට HNB, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනියි

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නව ඊ-වාණිජ්‍ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත
සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ
ප‍්‍රවේශය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව,
SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් ආයතන දෙකක් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය
මගින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙම නව ඊ-වාණිජ්‍ය වේදිකාවට ප‍්‍රවේශ වන විට අමතර
ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී – SME කයිලයිවාසන් ඉන්ද්‍රවාසන්, HNB
SME සේවා සහ හවුල්කාරීත්වයන් පිළිබඳ ප‍්‍රධානී, නිලූක අමරසිංහ සහ SLT ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල්
නිලධාරී, තිලක් ගම්ලත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරී – Digital Transformation Projects ඉෂාරි
සිරිවර්ධන, ශ‍්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-ඩිජිටල් ව්‍යාපෘති, දිනේෂ් පෙරේරා සහ ශ‍්‍රී
ලංකා ටෙලිකොම් ජ්‍යෙෂ්ඨ කළමණාකාර (අලෙවි) – SME සේවා සංවර්ධනය, ලාල්වින් ද සොයිසා යන මහත්ම
මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී – SME කයිලයිවාසන් ඉන්ද්‍රාවාසන්
මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් වශයෙන් අපට අපගේ ආර්ථිකය නැවත යථා
තත්වයට පත් කිරීම සඳහා නව මංපෙත් සහ අවස්ථා පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. අපගේ අපනයන ඉහළ
නැංවීම සහ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන අපගේ SME ව්‍යවසායකයන් සඳහා නව වෙළෙඳපල හඳුනා ගැනීම
කෙරෙහි අප අවධානය යොමු කර තිබෙන අතර එය අපට අතිශයින්ම වැදගත් මුදල් ප‍්‍රවාහයන් උත්පාදනය
කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම SME ව්‍යවසායකයින් සමඟ සැමවිටම කටයුතු කර ඇති
බැංකුවක් ලෙස ඔවුන්ට online පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරනවා. එබැවින් අපගේ SME
ව්‍යවසායකයින්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපට
සතුටුයි.” යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය මගින් HNB පාරිභෝගිකයින්ට නොමිලේ දැන්වීම් ප‍්‍රචාරණ අවකාශය, ආරම්භක සහ
දායකත්ව ගාස්තු නොමැති වීම සහ අමතර අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීමේ හැකියාව වැනි විවිධ
ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත. එපමණක් නොව මෙම වේදිකාව මගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදන සඳහා ‘’Made in
Sri Lanka’’ නමින් වෙනම කාණ්ඩයක් ඇතුළුව, කාණ්ඩ 500 කට අධික පරාසයක විහිදුණු විවිධ නිෂ්පාදන
පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.
මෙම යෝජිත ඊ-වාණිජ්‍ය වේදිකාව SLT-MOBITEL හි දත්ත මධ්‍යස්ථානයේ cloud පද්ධතියක ගබඩා කර තැබෙනු
ඇත. තවද මෙම වේදිකාව මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක e-business අවශ්‍යතා සපුරාලන නම්‍යශීලී,
විශේෂාංගවලින් පොහොසත් ඊ-වාණිජ්‍ය වේදිකාවක් පිරිනමන අතරම SME ව්‍යවසායකයින්ට ඔවුන්ගේ online
වෙළෙඳසැල් සහ e-shops නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි.
‘‘SME ව්‍යාපාර සැමවිටම ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය ලෙස කි‍්‍රයා කරන අතර ගෝලීය වෙළෙඳපොළට
ඇතුළුවීම සඳහා ඔවුන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ඉහළ නැංවීමට කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙරට කුඩා
හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති HNB සමඟ අත්වැල් බැඳගැනීමට
ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් SLT ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත් මහතා
පැවසුවේය.

තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන්
කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන
උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance
Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA)
විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන
සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම සඳහා පැවති 2022
LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම්
කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා
වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම්
උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල්
ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) – සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත්
වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (දකුණේ සිට පස්වැන්නා) සහ SLT
ප‍්‍රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී තිලක් ගම්ලත් (දකුණේ සිට හතරවැන්නා)
යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ SLT-
MOBITEL යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජේ්‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් ද
මෙම ඡායාරූපයේ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *