Galaxy Unpacked 2022 හිදී සැම්සුන් ප‍්‍රමුඛතම නව නිෂ්පාදනයන් සමඟ පැළඳිය හැකි උපාංග එළිදක්වයි

Samsung Electronics විසින් පසුගියදා පවත්වනු ලැබූ Galaxy Unpacked උත්සවයේදී නව්‍යකරණය වෙමින්
පවතින නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතන හඳුන්වා දෙන ලදී.
පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ හැකි විශේෂාංගවලින් සැදුම්ලත් එම devices පරිශීලකයින්ට
ගැලපෙන අත්දැකීම් මෙන්ම වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයන්ගෙන්ද සන්නද්ධ වේ. එහි සිව්වන පරම්පරාව වන
Galaxy Z මාදිලි පෙළ එදිනෙදා ජීවිතය වඩාත් යහපත් කර ගැනීම උදෙසා වැඩි බලපෑම් සහගත අන්තර්ක‍්‍රියාවන්
ලබා දීමට සීමා මායිම් අභිබවමින් ඉදිරියට ගමන් කරනු ඇත.
Samsung Electronics හි Mobile eXperience Business සභාපති සහ ප‍්‍රධානී ආචාර්ය ටී. එම් රෝහ් මහතා
පැවසුවේ ‘‘අපගේ විවෘත භාවයේ දර්ශනය මත නිර්මාණය වී ඇති පරිශීලකයාට ගැලපෙන ආකාරයෙන් සකස් කළ
හැකි ඇතුළත හා පිටත විශේෂාංගයන් සමඟ නව හැකියාවන් විදහා දක්වනු ලබනවා. ලෝක මට්ටමේ අපගේ
හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් යුතුව නිර්මාණය කළ නව foldable devices අපගේ සුවිශේෂී පරිශීලකයින්ගේ
අවශ්‍යතා සපුරාලමින් අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙනවා. අපගේ නිරන්තර
අවධානය හා කර්මාන්ත පුරෝගාමීත්වය තුළින් foldable නිෂ්පාදන සඳහා වන උනන්දුව අඛණ්ඩව ඉදිරියට ගෙන
යනු ලබනවා. අපි මෙම මාදිලිය රැඩිකල් ව්‍යාපෘතියකින් ආරම්භ කර ලොව පුරා මිලියන ගණනක ජනතාවක්
පරිශීලනය කරන ප‍්‍රධාන ධාරාවේ device පෙලක් සාර්ථකව පරිවර්තනය කර තිබෙනවා.’’ යනුවෙනි.
ඉහළම නිර්මාණශීලීත්වය වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් සෑම
පාරිභෝගිකයෙකුටම ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන device එකක් තිබෙන බව තහවුරු කිරීම වෙනුවෙන්
පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම සඳහා මෙම ආකෘති දෙකෙහි සියලූ අංගයන් මනාව විශ්ලේෂණය කිරීමට සැම්සුන්
කටයුතු කර ඇත. වර්තමානයේ සැම්සුන්හි සුවිශේෂී smartphone අත්දැකීම පරිශීලකයා වෙත හිමි කර දෙමින් නව
හැකියාවන්ගෙන් පරිපූර්ණ The Galaxy Z Fold4 ස්මාර්ට් ජංගම දුරකතනය නිර්මාණය කර ඇත්තේ එහි සුවිශේෂී
නිමාවද සමඟිනි. ආකර්ෂණීය තිරය, බහුකාර්ය විශේෂාංග මෙන්ම වැඩිදියුණු කරන ලද කැමරා තාක්ෂණය හා
ප‍්‍රබල ජංගම දුරකතන ප්‍රොසෙසරයද ඊට එක් කරන්නේ ඉමහත් වටිනාකමකි.
Galaxy Z මාදිලි පෙළට එක්වන සැම්සුන් සතු උසස්ම තත්වයේ earbuds ලෙස හැඳින්විය හැකි Galaxy Buds2 Pro
ඔබේ එදිනෙදා ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී ඔබට මින් පෙර අත් නොවිඳි ඉමිහිරි wireless හඬ අත්දැකීමක් එක් කරනු
ඇත්තේ ශක්තිමත් නිමාවක් සහ සීමාවකින් තොර සබඳතාවක්ද සමඟිනි.
Galaxy Watch5 සහ Galaxy Watch5 Pro එළිදැක්වීමේ උත්සවයේදී Samsung Electronics විසින් තීක්ෂණ බුද්ධිය
සමඟ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම, ඉහළ විශේෂාංග හා ඉන් ඔබ්බට ගිය ප‍්‍රබල හැකියාවන් ද සිය රසිකයින්
වෙත ගෙන එන ලදී. ඒ සැම්සුන්හි මෙතෙක් නිෂ්පාදිත වඩාත් ශක්තිමත් හා විශේෂාගවලින් සපිරි Galaxy Watch
නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා වූ Galaxy Watch5 Pro සමඟිනි. පාරිභෝගික අවශ්‍යතා මත සිය
විශේෂාංග දිනෙන් දින ඉහළ නංවන Galaxy Watch5 සහ Galaxy Watch5 Pro පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ
එදිනෙදා ඉලක්කයන් වෙත පහසුවෙන් ළඟා කර ගැනීම වෙනුවෙන්ද සුවිසල් දායකත්වයක් ලබා දෙනු නිසැකය.
Galaxy Unpacked 2022 හිදී Samsung Electronics, MX (Mobile eXperience) ව්‍යාපාරය සඳහා වන 2025
තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවද නිවේදනය කළේය. එම
සාර්ථකත්වය සඳහා වන ප‍්‍රධාන වැඩසටහන් අතරට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය සිය නිෂ්පාදන
සඳහා යොදා ගැනීම, වඩා පරිසර හිතකාමී ඇසුරුම් සැලසුම් කිරීම සහ විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා පැරණි
Samsung Galaxy devices වලට නව ජීවයක් ලබා දීම යන කරුණු ඇතුළත් වී ඇත.
සැම්සුන්හි නව Galaxy Z මාදිලි පෙළ සහ Galaxy Buds2 Pro නිර්මාණය සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ධීවර
මාළු දැල් හා ගෝස්ට් නෙට් යොදා ගෙන ඇත්තේ සාගර දුෂණය අවම කිරීමට පියවර ගනිමිනි. 2022 පෙබරවාරි
මාසයේදී Galaxy S22 මාදිලිය සඳහා එය ප‍්‍රථම වරට යොදාගත් අතර අද වන විට එය Galaxy Book2 Pro මාදිලි

හා Galaxy Tab S8 මාදිලි නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබයි. ඒ අනුව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ධීවර මාළු දැල්
භාවිතයෙන් Galaxy devices 11 ක් නිෂ්පාදනය කිරීමට සැම්සුන් කටයුතු කර ඇත. ඉවත් කරනු ලැබූ ධීවර මාළු දැල්
Galaxy තාක්ෂණය සඳහා බහුව යොදා ගැනීම තුළින් ප්ලාස්ටික් දුෂණයේ පාරිසරික බලපෑම අවම කිරීමට උපකාරී
වී ඇත්තේ සෑම වසරකම ඉවත ලන ධීවර දැල් ටොන් 640,000ක් තුළින් සාගරයට සිදුවන බලපෑමද අවම කරමිනි.
සිය නිෂ්පාදන සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ද්‍රව්‍ය භාවිත කිරීමට ඉවතලන ධීවර මාළු දැල් යොදා ගැනීම
සැම්සුන්හි තිරසාර පාරිසරික භාවිතයන් ඉහළ නැංවීම සඳහා වන එක් උදාහරණයක් පමණිx
Samsung Galaxy Unpacked නිවියෝර්ක්හි සැම්සුන් මූලාස්ථානයේදී පසුගියදා පැවැත්වුණ අතර එහිදී එළිදක්වනු
ලැබූ Galaxy Z මාදිලි පෙළ සහ wearables නිෂ්පාදන දැන් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ටද මිලදී ගැනීමේ
අවස්ථාව සැම්සුන් උදා කර දී ඇත.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy
smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු
හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ
දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ
උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka
විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත.
මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා
තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *