ටී. සයන්ධන් ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වෙයි

සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ඖෂධ නිෂ්පාදන අංශය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගමේ (Lina
Manufacturing) ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ටී. සයන්ධන් මහතා පත් කර ඇති බව නිවේදනය කර සිටී. මේ
වන විට Sunshine Medical Devices හි ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සයන්ධන් මහතා
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකිx 2017 දී සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක් වන
ඔහු Sunshine Medical Devices හි නායකත්වයට පත් වූ අතර දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ
වසර කිහිපයක් පුරා සන්ෂයින් හෙල්ත්කෙයාර් හට සිය වර්ධනය පවත්වා ගැනීමට උපකාර කරමින් සමූහයේ මූල්‍ය
ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රධාන අංශයක් බවට හෙල්ත්කෙයාර් ව්‍යාපාරය සංවර්ධනය කිරීමට විශාල කාර්යභාරයක්
සිදු කළේය.
මෙම නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෙල්ත්කෙයාර් කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් සතාසිවම්
මහතා පැවසුවේ ”වගකීම් සහගත ශ‍්‍රී ලාංකීය සමූහ ව්‍යාපාරයක් ලෙස ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිවල
ශක්තිමත් බව හා ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීම සඳහා දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම ඉතා වැදගත්
කාර්යයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. ඉහළ යමින් පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයන් දේශීය
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට විශාල පීඩනයක් එල්ල කරන මෙවැනි කාලයක දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමෙන්
අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීමට වඩාත් පහසු වන අතර ඉන් ඖෂධ ආනයනය කිරීමේ අවශ්‍යතාවය අවම වෙනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙම සමාගමේ නායකත්වයට තේරීපත් වීමට සයන්ධන් මහතාගේ දක්ෂතා සහ
කැපවීම් හේතු වූ බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.
සිය පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සයන්ධන් මහතා පැවසුවේ, ”සමාගම ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත, නව්‍ය
සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් කි‍්‍රයාත්මක කිරීමට සිය උත්සාහයන් ඉදිරියට ගෙන යන අවස්ථාවේදී ලීනා
මැනිෆැක්චරින් සමාගමට සම්බන්ධ වීම ඉතා අභියෝගාත්මක වගේම උද්යෝගිමත් කාලයක් ලෙස හැඳින්විය හැකියි.
දශකයකට වැඩි කාලයක් ලීනා මැනිෆැක්චරින් සමාගම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ඖෂධ නිෂ්පාදනය
සංවර්ධනය කිරීම සඳහා සිය පර්යේෂණ හා සංවර්ධන (R&D) අංශයේ විශේෂඥ දැනුම භාවිතා කර තිබෙනවා.
මෙවැනි සමාගමක ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස තේරී පත්වීමට ලැබීම ගැන මා සතුටු වන අතර එහි දේශීයව
නිෂ්පාදනය කරන ඖෂධ වර්ගීකරණය තවදුරටත් විවිධාංගීකරණය කිරීමට සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට
ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ ලබාගැනීමේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමට ලීනා මැනිෆැක්චරින් හට
නායකත්වය දීමට මා බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
GlaxoSmithKline සමාගම සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සයන්ධන් මහතා එහිදී වසර දහයකට වැඩි
කාලයක් වෛද්‍ය නියෝජිතයෙකු, රෝහල් සම්බන්ධීකාරකවරයෙකු, නිෂ්පාදන විධායක, සන්නාම කළමනාකරු සහ
කාණ්ඩ කළමනාකරු ලෙස සේවය කළේය. පසුව ඔහු හේමාස් ෆාමසූටිකල්ස් වෙත එක්ව එහි Allergan and Abbott
Medical Optics හි මෙරට කළමනාකරු ලෙස පුළුල් කාර්යභාරයක් ඉටු කළේය. සන්ෂයින් හෙල්ත්කෙයාර් සමඟ එක්
වීමට පෙර ඔහු Delmege Forsyth හි හෙල්ත්කෙයාර් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂවරයා විය.
සයන්ධන් මහතා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විධායක කමිටු සාමාජිකයෙකු වේ. ඔහු පේරාදෙණිය විශ්ව
විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර මේ වන විට ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙයි. සයන්ධන්
මහතා වරලත් අලෙවිකරණ ආයතනය (එක්සත් රාජධානිය), ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ ශ‍්‍රී ලංකා
කළමනාකරණ ආයතනයේ ද සාමාජිකයෙකි.
ලීනා මැනුෆැක්චරින් පුද්ගලික සමාගම යනු ශ‍්‍රී ලංකාවේ පළමු ශ්වසන සත්කාර පර්යේෂණ හා නිෂ්පාදන
සමාගම වේ. එහි සම්මානලාභී ‘Ventohaler’ නිෂ්පාදනයට අමතරව Beclovent, Flutivent, Salbuvent, Prazolin
සහ Winterpan ඇතුළු ශ්වසන නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරයි. ලීනා ස්පයිරෝ පුද්ගලික සමාගම (Lina Spiro
(Pvt) Ltd) යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදන කරන කර්මාන්තශාලාව වන
අතර ජාත්‍යන්තර අපනයන සඳහා දොරටු විවර කරමින් WHO-GMP සහතිකය ලත් ශ‍්‍රී ලංකාවේ එකම
Metered-Dose ඉන්හේලර්ස් (MDI) නිෂ්පාදකයා ද වේ.

ඡුායාරූපය : ටී. සයන්ධන් මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *