LANKAQR ගෙවීම් විසඳුම් පිරිනැමීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර හා සබඳතා රහිත ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ
අරමුණ සහිතව සෞඛ්‍යය සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් LANKAQR ගෙවීම් විසඳුම්
ලබා දීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මේ සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන Dynamic QR කේතය ස්කෑන් කිරීම මගින් ගනුදෙනුවක්
සම්පූර්ණ කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබා දෙයි. LANKAQR පහසුකම සමඟ සම්බන්ධිත යෙදවුමක් (app)
භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ තුළින් Point of Sale (PoS) යන්ත‍්‍රයේ තිරය මත දිස්වන Dynamic QR
කේතය ස්කෑන් කිරීමෙන් වෙළෙඳසැල් මගින් සබඳතාවකින් තොරවම ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට අවස්ථාව
සලසා දෙනු ලබයි.
කොළඹ One Galle Face, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) ප‍්‍රධාන ශාඛාව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ
කොල්ලූපිටියේ පේ‍්‍රමසිරි සුපිරි වෙළඳසැල ඇතුළුව දිවයින පුරා පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැල් 19 ක පිහිටුවා ඇති
ලංකා හොස්පිට්ල්ස් විසින් පවත්වාගෙන යනු ලබන ෆාමසි 23 ට අමතරව ලංකා හොස්පිට්ල්ස් හි සියලූම මුදල්
අයකැමි කවුන්ටර 20 මගින් පාරිභෝගිකයින්ට HNB SOLO පහසුකම භුක්ති විඳිය හැකිය.
HNB SOLO හරහා තම මිලදී ගැනීම් සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් විශේෂ සෞඛ්‍ය පැකේජ, පූර්ණ ස්කන්ධ
පරීක්ෂණ පැකේජ, ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය පරීක්ෂාවන් සහ මැමෝග‍්‍රෑම් පරීක්ෂාවන් වැනි සෞඛ්‍ය
පරීක්ෂණ සඳහා 20% ක වට්ටමක් ඇතුළුව ප‍්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට අවස්ථාව හිමි වේ. වීසා, මාස්ටර්
කාඞ්පත් හෝ ජස්ට්පේ (JustPay) වැනි විවිධ ගෙවීම් ක‍්‍රම හරහා අදාල තිරය swipe කිරීමෙන් ගනුදෙනුකරුවන්ට
තම ගනුදෙනු සම්පූර්ණ කළ හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ මහතා පැවසුවේ
”කොවිඞ් වසංගතය හේතුවෙන් QR මත පදනම් වූ ගෙවීම් ආරම්භ කිරීමට සිදු වුණා. නමුත් HNB SOLO වැනි OR
හැකියාව ඇති වේදිකාවල පහසුව සහ විශ්වසනීයත්වය භුක්ති විඳිමින් ඒ වෙත යොමු වන නව පාරිභෝගික රැල්ලක්
දැන් අප දකිනවා. මෙවැනි පහසුකම් තව තවත් ව්‍යාප්ත කිරීමට අපගේ තාක්ෂණික යටිතල පහසුකම් ඉතා විශාල
දායකත්වයක් ලබා දුන් අතර ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කිරීම සඳහා ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගැනීමට
ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.
”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB සමඟ ලංකා හොස්පිට්ල්ස් අත්වැල් බැඳගැනීම පිළිබඳව සතුටට
පත්වනවා වගේම සිය ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමමින් අපගේ පාරිභෝගික
හිතෛශීභාවය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට අමතරව ජනතාවට
සහනදායී මිලකට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි සෞඛ්‍ය ප‍්‍රතිලාභ පිරිනැමීම කාලීන අවශ්‍යත්වයක්ව
පවතිනවා. ඒ හරහා මෙවැනි කාලවලදී ජනතාවගේ සෞඛ්‍ය නගාසිටුවීමට ඔවුන්ට ශක්තියක් වෙන්න පුළුවන්.
ලංකා හොස්පිට්ල්ස් හි රැකවරණය සහ ප‍්‍රතිකාර ලබා ගැනීමට HNB SOLO යෙදවුම භාවිතා කරන්නන්ට මෙවැනි
සහනදායී සෞඛ්‍ය පහසුකම් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ
ප‍්‍රධාන විධායක නිලධාරී, දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේය.
ලංකා හොස්පිට්ල්ස් හි PoS යන්ත‍්‍ර සමඟ HNB හි පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන් රෝහලේ ගිණුමට එවේලේම (real
time) ගෙවීම් තහවුරු කරගත හැකි බැවින් මෙම පහසුකම රෝහලට ඉතා ප‍්‍රයෝජනවත් වේ. එපමණක් නොව,
HNB SOLO දැනටමත් LANKAQR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත
QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන
හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.

HNB හි ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO 2019 වසරේදී හදුන්වා දුන් අතර එමගින් දැරිය හැකි, පහසු
මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි.
එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී
විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.
පාරිභෝගික ඒකක 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට
ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික
නවෝත්පාදන බැංකුවකි. මෑතකදී ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය
සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB පිළිගැනීමට
ලක් කළේය.
සිය තාක්ෂණික විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කරමින් පසුගියදා පැවති 2022 LankaPay Technnovation
සම්මාන උළෙලේදී HNB සම්මාන හතරක් දිනා ගත්තේය. මෙහිදී මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන වසරේ කීර්තිමත්
බැංකුව සහ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව, ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය
සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු
ආයතන) – සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය දිනා ගැනීමට ද HNB සමත් විය.

ඡායාරූපය:
ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා
(වමේ සිට සිව්වැන්නා) HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික
වීරසිංහ මහතා (දකුණේ සිට තෙවැන්නා) සමඟ LANKAQR හුවමාරු කර ගනිමින්.
ලංකා හොස්පිට්ල්ස් සහ HNB නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරීන්
පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *