Smart Home for a Smarter You: දිගුකල් පවතින ඔබේ ප‍්‍රියතම සැම්සුන් නිෂ්පාදන සමඟින් ඔබේ ජීවන රටාව උසස් කර ගන්න

උත්සව සමය අත ළඟටම පැමිණ ඇත. ඔබේ නිවස නවීකරණය කිරීම පහසු කර
ගැනීම සඳහා සැම්සුන් එහි නවතම නිෂ්පාදන පෙළක් ඔබ වෙතටම රැගෙන ඒමට
කටයුතු කර තිබේ. මෙම නිෂ්පාදන මගින් ඔබට නවීන පන්නයේ ජීවන අත්දැකීමක් ලබා
දෙනවා පමණක් නොව එළඹෙන උත්සව සමයේදී ඔබේ ගෘහ අලංකරණයට අපූරු
පෙනුමක් ද ලබා දෙනු ඇත.
AI තාක්ෂණයෙන් යුතුව එන සැම්සුන් හි නවතම ගෘහ උපකරණ පෙළ ඔබේ නිවසට
අන් කවරදාටත් වඩා වැඩි තාක්ෂණයෙන් පරිපූර්ණ නැවුම් අත්දැකීමක් රැගෙන එනු ඇත.
ඔබේ ජීවන අත්දැකීමට විශේෂ ප‍්‍රතිලාභයක් ලබා දිය හැකි නිෂ්පාදන කිහිපයක්
පහතින් දැක්වේ.
Neo QLED 8K Smart TV සමඟින් ඉහළ පෙළේ සිනමාරූපි අත්දැකීමක් විඳගන්න
පසුබිම් අලෝකය මනා ලෙස පාලනය කළ හැකි Quantum Matrix තාක්ෂණය සහ
නරඹන්නන්ට ප‍්‍රශස්ත නැරඹීමේ අත්දැකීමක් ලබා දෙන Neo Quantum Lite 8K ප්‍රොසෙසරය
වැනි ප‍්‍රබල විශේෂාංග සහිත ඉතා සිහින් රාමුවකින් නිමවූණු සැම්සුන් Neo QLED 8K Smart
TV ඔබ නැරඹිය යුතුම නිෂ්පාදනයකි. පුළුල්ම වර්ණ පරාසයක් සහිත ඉතා සුපැහැදිලි
දසුන් ඔබ වෙත රැගෙන ඒමට අමතරව දසුන් නැරඹීමේදී පුළුල් කෝණයක් සහ ශබ්ද
ස්වයංක‍්‍රීයව පාලනය කිරීමේ හැකියාව ඇති Neo QLED 8K හට එහි ඇති 8K AI ඉහළ
නැංවීමේ සුවිශේෂී හැකියාව නිසා ඔබට ඔබගේ ප‍්‍රියතම චිත‍්‍රපට නැරඹීමේදී ඒවා 8K
resolution දක්වා ඉහළ නංවා ගැනීමට ද හැකිය.
Curd Maestro™ සහ SpaceMax™ ශීතකරණ සමඟින් සරල හා නවීන දිවියක් ගත කරන්න
ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේ නිවසක ඇති නිතර භාවිතා කරන රසවත් අතුරුපසක් වන
යෝගට් සෑදීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණය සහිත මෙරට ඇති එකම ශීතකරණය
වන Curd Maestro™ ශීතකරණය ද සැම්සුන් හි බොහෝ නවීන ගෘහ උපකරණ අතරට
ඇතුලත් වීම විශේෂත්වයකි. කිසිදු කරදරයකින් තොරව යෝගට් ගබඩා කර තැබීමට
මෙම ශීතකරණය සෑම නිවසකම තිබිය යුතුම උපකරණයකි.
SpaceMax ශීතකරණය යනු සැම්සුන් හි උසස්ම කාණ්ඩයේ ශීතකරණයකි. එහි ගබඩා
ධාරිතාවය සාමාන්‍ය ශීතකරණයක මෙන් දෙගුණයක් වන අතර ඔබට ආහාර ගබඩා
කිරීමට වැඩි ඉඩක් ලබා දෙයි. එහි ඇති නවීන පෙනුම සහ සුවිශේෂී නිමාව ඔබගේ
ජීවිතය වඩාත් පහසු කරවයි.
Smart cooling සහිත Wind-Free වායු සමීකරණ
WindFree™ සිසිල් කිරීමේ තාක්ෂණය සමඟින් එන සැම්සුන් හි නවතම වේගවත් සුළං
රහිත Wind Free වායු සමීකරණ මගින් micro holes 23,000 මගින් දැඩි සුළං වායු ධාරාවලට
ඉඩ නොදී කාමරය පුරා සීතල වාතය මෘදු ලෙස විසුරුවා හරී. එහි ඇති AI Auto Cooling
තාක්ෂණය මගින් ඔබ කාමරයේ කොතැන සිටියත් කාර්යක්ෂම සහ බලශක්ති
පිරිමැසුම්දායී සිසිලනයක් ලබා දීම සඳහා ඔබ භාවිත කරන රටාව විශ්ලේෂණය කරන
අතරම Motion Detect Sensor මගින් ඔබගේ චලනයන් නිරීක්ෂණය කරයි. WiFi සමඟ

සම්බන්ධ කළ හැකි Welcome Cooling විශේෂාංගය නිසා ඔබ නිවසේ නොමැති
අවස්ථාවකදී පවා ඔබේ වායු සමීකරණය ක‍්‍රියාතමක කිරීමට හෝ ක‍්‍රියා විරහිත
කිරීමට ඔබ හැකියාව ඇත.
AI Ecobubble™ රෙදි සෝදන යන්ත‍්‍රය සමඟින් රෙදි සේදීමේ නවතම පෙරළිය අත් විඳින්න
ඉතා දර්ශනීය ලෙස නිර්මාණය කර ඇති සැම්සුන් නව AI Ecobubble™ රෙදි සෝදන
යන්ත‍්‍රයේ ඇති අතිනවීන තාක්ෂණය නිසා රෙදි සේදීමේදී ඔබගේ රෙදිවලට වැඩි
ආරක්ෂාවක්, කල්පැවැත්මක් හා දීප්තියක් ලබා දේ. එහි ඇති Ecobubble™ තාක්ෂණය
මගින් ඔබ විශේෂ අවස්ථාවකදී අදින ඇඳුම් පවා ඉතා සුමුදු ලෙස පිරිසිදු කරමින් එම
ඇඳුම්වලට දිගු කල්පැවැත්මක් ලබා දෙයි. AI control මගින් ඔබ භාවිත කරනු ලබන
රටාවන් අනුව ඔබට කැමති පරිදි ඔබගේ රෙදි සේදුම් චක‍්‍රය වෙනස් කර ගත හැකි
නිසා ඔබ කාර්යබහුල අවස්ථාවකදී වුවත් ඔබගේ ඇඳුම් පැළඳුම් සෝදා ගත හැකිය.
සැම්සුන් හි බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri, Damro සහ Samsung
EStore වෙතින් ඔබට ඉහත නිෂ්පාදන ගැන විමසීමට හෝ මිලදී ගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *