MAS Holdings, කෙන්යාවේ වනජීවී පදනම සමඟ අත්වැල් බැඳගනියි

මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් ආරක්ෂා කිරීම අරමුණු කරයි
දකුණු ආසියාවේ ප‍්‍රධානතම ඇඟලූම් නිෂ්පාදකයා වන MAS Holdings කෙන්යාවේ වනජීවී
පදනම (TWF – The Wildlife Foundation) සමඟ අත්වැල් බැඳගනිමින් නයිරෝබි ජාතික
වනෝද්‍යානයේ අක්කර 6,250 ක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අක්කර
25,000ක වාසස්ථාන නැවත ඇති කිරීම සඳහා වූ MAS හි සැලැස්මට අනුකූලව මෙම
වැඩසටහන හරහා MAS සහ TWF ට පුද්ගලික ඉඩම් ආශි‍්‍රතව වන සතුන්ට නිදහසේ
හැසිරීමට ඉඩ හසර ලබාදීම වෙනුවෙන් ඉඩම් හිමියන් සමඟ සහයෝගයෙන් කටයුතු
කිරීමට හැකියාව ලැබේ.
මෙම ව්‍යාපෘතිය 2022 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අතර Athi-Kaputei ප‍්‍රදේශයේ
ඉඩම් හිමියන් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඔප්පු ප‍්‍රධානය කිරීමේ උත්සවයක්
පවත්වන ලදී. මෙම ව්‍යාපෘතිය TWF හි දැනට ක‍්‍රියාත්මක වන සංරක්ෂණ ආකෘතියේ
දිගුවක් වන අතර වනජීවී සංරක්ෂණය සහ වඩා හොඳ ඉඩම් පරිහරණ භාවිතයන්
ප‍්‍රවර්ධනය කිරීම සඳහා TWF දේශීය අයිතිකරුවන්ගෙන් ඉඩම් බදු ගනු ලබයි. මෙම
හවුල්කාරිත්වය හරහා TWF හි දැනට පවතින අක්කර 5,000 ක සංරක්ෂණ වැඩපිළිවෙල
අක්කර 11,250 ක භූමි ප‍්‍රමාණයක් දක්වා පුළුල් කිරීමට MAS හට හැකි වී තිබේ.
වන සතුන් සඳහා වනෝද්‍යානයේ මායිම් ඉඩම්වල නිදහසේ ගමන් කිරීමට ඉඩම්
හිමිකරුවන් සහ ප‍්‍රාදේශීය ප‍්‍රජාවන් දිරිමත් කිරීම සඳහා මූල්‍යමය සහ මූල්‍යමය
නොවන දිරිගැන්වීම් භාවිතා කරයි. මෙය ජනතාව මූලික කරගත් සංරක්ෂණය පිළිබඳ
දැනුවත් කිරීම, මිනිසුන් සහ වන සතුන් අතර ඇති වන ගැටුම් අවම කිරීම සඳහා ප‍්‍රජා
ආරක්ෂකයින් ස්ථානගත කිරීම, මීමැසි පාලනය, ජීව වායුව වැනි වැඩපිළිවෙලවල්
පිළිබඳව තරුණයින් සහ කාන්තාවන් පුහුණු කිරීම සහ සංරක්ෂණ අභියෝග සඳහා
විසඳුම් නව්‍යකරණය උදෙසා තාක්ෂණය භාවිතය ආදිය මේ වැඩසටහන හරහා
ප‍්‍රවර්ධනය කරනු ලබයි.
MAS හි උපායමාර්ගික ව්‍යාපාරික ඒකක වන MAS Intimates සහ MAS Kreeda විසින්
සහයෝගීව අරමුදල් සපයන මෙම සංරක්ෂණ වැඩසටහන හරහා MAS සහ TWF ඉඩම්
හිමියන්ට පුද්ගලික සතුන්ට එහා මෙහා ගමන් කිරීමට පහසුවන පරිදි සිය ඉඩම්
විවෘතව සහ වැටකින් තොරව තබා ගැනීමට මූල්‍ය දිරිගැන්වීම් සපයයි. මෙහිදී සිංහයන්
සහ අනෙකුත් විලෝපිකයන්ගෙන් සිදුවන හානි අවම කිරීමට මෙම මුදල් යොදාගත හැකි
අතර දරුවන්ගේ පාසල් වාර ආරම්භයට සමගාමීව ඉඩම් හිමියන්ට මූල්‍යමය ආධාර ලබා
දීමෙන් ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ද සහාය වේ.
MAS එහි අනුබද්ධ MAS Intimates හරහා 2020 දී කෙන්යාවේ සිය නිෂ්පාදන පහසුකම
ස්ථාපිත කළේය. අද MAS Intimates Kenya (EPZ) Ltd යනු එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ
ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ වෙළඳපල වෙත සමීපතම ඇඟලූම් නිෂ්පාදනය හා අපනයනය
කරන ප‍්‍රමුඛයෙකු වන අතර කෙන්යානුවන් 3,200 කට රැකියා අවස්ථා ලබා දෙයි.
සංරක්ෂණ වැඩසටහනට අදාල ඉඩම් කෙන්යාවේ MAS Intimates කාර්ය මණ්ඩලයේ
බහුතරයක් වාසය කරන Machakos සහ Kajiado ප‍්‍රාන්තවල පිහිටා ඇත.

මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය MAS හි අක්කර 25,000ක වාසස්ථාන ඇති කිරීමේ
ඉලක්කයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා පමණක් නොව MAS හට කෙන්යාවේ
එහි ප‍්‍රාදේශීය ප‍්‍රජාව සමඟ පරිපූර්ණ ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ද නිර්මාණය
කර ඇත. සමූහයේ තිරසාර උපාය මාර්ගය, වෙනස් කිරීම සඳහා වූ MAS සැලැස්ම, ජෛව
විවිධත්වය ඇති කිරීම සහ ඉහළ ජීවන යහපැවැත්මක් සහිත ප‍්‍රජාවන් නිර්මාණය කිරීම
ඇතුළුව නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ කරුණු 12ක් කෙරෙහි
අවධානය යොමු කරයි.
MAS සහ TWF අප අවට පරිසරය ධනාත්මක ලෙස වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා
ප‍්‍රජාව නඟා සිටුවීමේ සහ බලගැන්වීමේ සාමූහික බලාපොරොත්තුව සමඟින් ඉදිරි වසර
පහ සඳහා මෙම අද්විතීය සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවී සිටිති.
MAS Holdings දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය
ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි
118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 17 ක් පුරා විලාසිතා
සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා
තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි
සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව
පුළුල් වී ඇත.
වසර 35 ක ඉතිහාසයක් හිමි MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා, පරිසර සහ
සමාජ සංවර්ධනය වැඩසටහන් මෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ගෝලීය
පිළිගැනීමක් හිමිව ඇත. නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය මෙන්ම නව්‍ය
නිෂ්පාදන සහ සැලසුම් ප‍්‍රදර්ශනය කරමින් කර්මාන්ත ප‍්‍රමුඛයෙකු ලෙස MAS සිය
නාමය ලොව පුරා බබළවයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ
තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා
MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන
වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.
කෙන්යාවේ වනජීවී පදනම (TWF- The Wildlife Foundation) යනු 2000 වර්ෂයේදී ලියාපදිංචි
කරන ලද කෙන්යාවේ රාජ්‍ය නොවන සංවිධානයකි (NGO). TWF හි දැක්ම වන්නේ Athi-
Kaputei පරිසර පද්ධතිය තුළ ජීවත් වන මිනිසුන් සහ සතුන් අතර සහජීවනය ඉහළ
නැංවීම උදෙසා ප‍්‍රජාව මූලික කරගත් සංරක්ෂණ වැඩපිළිවෙලක් ඇති කිරිමයි.

කෙන්යාවේ MAS Holdings සහ The Wildlife Foundation (TWF) කණ්ඩායම්
නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් පමණ වූ ප‍්‍රදේශය සංරක්ෂණය
කිරීමට එක් වෙමින්.
Athi-Kaputiei ප‍්‍රදේශයේ ඉඩම් හිමියන් 58ක් වන සතුන්ට නිදහසේ ගමන්
කිරීම සඳහා ඉඩම් වැටකින් තොරව තැබීමට ඉඩම් හිමියන් දිරිමත් කරමින්
ප‍්‍රජා සාමාජිකයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මූල්‍යාධාර
පිරිනැමීමත් සමඟ ඉඩම් හිමියන්ගේ ඉඩම් වෙනුවෙන් ගෙවීමක් කිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *