සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සංවිධානය කළ ලේ
දන්දීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්විණි. ජාතික රුධිර පාරවිලයන
මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවට රුධිර පරිත්‍යාගයන් වහාම අවශ්‍ය වී ඇති බව
හඳුනාගැනීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කිරීමට CDB
ආයතනය කටයුතු කළේ ය.
CDB මානව සම්පත් (HR) අංශයේ සහයෝගය ඇතිව CDB හි සුභසාධන කමිටුව විසින්
සංවිධානය කරන ලද මෙම ලේ දන්දීමේ ව්‍යාපාරයට සම්බන්ධ වන කාර්ය මණ්ඩලය
දිරිමත් කරමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට සමාගම කටයුතු කරන ලදී.
ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් උතුම් වූ පරිත්‍යාගයක් සිදුකිරීමේ අරමුණින් CDB
කාර්ය මණ්ඩලයේ 140 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට දායක වූහ. CDB ආයතනය
මෙවැනි වැඩසටහනක් සංවිධානය කළ 5 වන අවස්ථාව මෙය වූ අතර, මේ සඳහා
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ සෙසු කාර්ය
මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ නොමඳ සහයෝගය හිමි විය.
“මිනිස් රුධිරය යනු වටිනා සම්පතක්. ප්‍රමාණවත් රුධිර සැපයුමක් සහතික කළ හැක්කේ
නිතිපතා රුධිරය පරිත්‍යාග කිරීමෙන් පමණයි. රුධිරය පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව
රටේ ජනතාවගෙන් කළ ඉල්ලීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම අපගේ යුතුකමක් යැයි අප
කල්පනා කළා. ශ්‍රී ලංකාව යනු ස්වේච්ඡා පරිත්‍යාග මගින් රුධිර හා රුධිර නිෂ්පාදන
අවශ්‍යතා සපුරාගන්නා රටවල් කිහිපයෙන් එකක්. ඉදිරි දශක වලදීත් මේ තත්ත්වය
පවත්වාගැනීමට හැකි වන ආකාරයට, මෙවැනි ලේ දන්දීමේ වැඩසටහන් වලට
නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.” CDB ආයතනයේ
ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) නයන්ති කෝදාගොඩ මහත්මිය
පැවසුවා ය.
මෙවැනි ප්‍රජා සත්කාරයන්ට සමගාමීව, නිතිපතා ලේ දන්දීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න
ජීවන රටාවන්ට හුරුවීමට ජනතාව දිරිගැන්වීමටද CDB සමාගම කටයුතු කරනු ඇත.