HNB FINANCE PLC කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලයේ දරුදැරියන් සම`ගින් ලෝක ළමා දිනය සමරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නා වන HNB FINANCE
PLC මෙවර ලෝක ළමා දිනයට සමගාමිීව පසුගිය ඔක්තෝබර් 01 දා
කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලයේ දී ආකර්ෂණීය වැඩසටහන්
රැසක් සමඟින් චිත‍්‍ර වැඩමුළුවක් සංවිධානය කළේය. පසුගිය සෑම
වසරකදීම ලංකාවේ විවිධ පළාත්හි දුෂ්කරතා සහිත පාසල්
හඳුනාගනිමින් ලෝක ළමා දින උත්සවය අර්ථාන්විතව සැමරීමට HNB
FINANCE ක‍්‍රියාකර කර ඇත.
කිලිනොච්චි මධ්‍ය ප‍්‍රාථමික විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් HNB
FINANCE විසින් මෙවර සංවිධානය කරන ලද ලෝක ළමා දින
සැමරුම් උළෙල සඳහා එම විද්‍යාලයේ විදුහල්පති එස්.කීතේස්වරන්
මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් සහභාගී වූ
අතර HNB FINANCE PLC හි අෙලවි අංශ ප‍්‍රධානී උදාර ගුණසිංහ
මහතා, ප‍්‍රධාන කාර්යාලයේ අලෙවි අංශයේ සහ ඉතුරුම් අංශයන්හි
නිළධාරීන් සහ කිලිනොච්චි ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙම ළමා දින
වැඩසටහන සඳහා සංවිධාන දායකත්වය ලබාදෙමින් එම අවස්ථාවට
සහභාගි වූහ.
දරුවන්ගේ නිර්මාණශීලී දැක්ම සහ කලා කුසලතාවන් ඔප් නංවාලීම
තුළින් වඩා යහපත් සංවේදී දරුවකු බිහිකිරීමත්, දරුවන්ගේ සමාජ
සුරක්ෂිතතාව පිළිබඳව මෙන්ම මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව
අවබෝධයක් දෙමාපියන් තුළ ඇති කිරීමත් මෙවර ළමා දින
වැඩසටහනෙහි මූලික අරමුණ විය.
එම අරමුණ පෙරදැරිව HNB FINANCE ළමා දින උත්සවය චිත‍්‍ර
වැඩමුළුවකින් ආරම්භ වූ අතර දරුවන්ට චිත‍්‍ර ඇඳීමට අවශ්‍ය
උපකරණ සහ ලිපිද‍්‍රව්‍ය සපයා දී ඔවුන්ට චිත‍්‍ර ඇඳීමට අවස්ථාව
ලබා දෙන ලදි. දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන් ඔප් නංවා ලීම

සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම සිදු කරන ලද්දේ චිත‍්‍ර
කලා උපදේශක දේවරාජ් ජසින්තන් මහතා විසිනි.
මීට අමතරව දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව පිළිබඳව දෙමාපියන්
දැනුවත් කිරීම ශ‍්‍රී ලංකා පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂක
ඉෂාණි තිලෝචනා, කාන්තා පොලිස් කොස්තාපල් ආර්. සජිස්ත‍්‍රි‍්‍රිකා
සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කෝදෙයි තුශ්‍යාන්තන් යන
මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි. මෙම වැඩසටහනෙන්
අනතුරුව ක්ෂුද්‍ර මූල්‍ය ල සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ
මූල්‍ය සාක්ෂරතාව ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා
සහ රටේ දිගුකාලීන ආර්ථිකය තිරසාරව ශක්තිමත් කිරීමේ
අරමුණෙන් HNB FINANCE PLC විසින් දීපව්‍යාප්තව සිදු කරන වැඩමුළු
මාලාවෙහි තවත් වැඩසටහනක් මෙහිදී පවත්වන්නට යෙදුණු අතර
එම වැඩසටහන HNB FINANCE PLC හි පුහුණු අංශයේ සහකාර පුහුණු
කළමනාකරු යෝගරාජා ප‍්‍රගාශ් විසින් පවත්වන ලදි.
”වැඩිහිටියන් විසින් බොහෝ දුරට දැඩි අවධානයක් යොමු නොකරන
තීරණාත්මක සාධකයක් වන්නේ දරුවන්ගේ මානසික යහපැවැත්ම
සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතාවන් වර්ධනය කිරීම සඳහා
දක්වන උනන්දුවයි. අනෙක් අතින් වර්තමානයේ දරුවන් බොහෝ විට
සමාජය තුළ ආරක්ෂිත නැහැ. දරුවන්ගේ සමාජ සුරක්ෂිතතාව
කෙරෙහි අන්කවරදාටත් වඩා දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය
යොමු විය යුතු කාලයක් මෙය. ඒ වගේම ග‍්‍රාමීයව වෙෙසෙන
ජනතාවට උසස් ජීවන තත්වයක් ලගාකර දීම උදෙසා ඔවුන්ට අවශ්‍ය
දැනුම, සහයෝගය සහ අවබෝධය ලබාදීමට ද අවශ්‍යයි.” යනුවෙන්
HNB FINANCE PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක
නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසුවේය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වන සෑම දරුදැරියකටම වටිනා
ත්‍යාගයක් ලබා දීමට ද HNB FINANCE PLC කටයුතු කළේය.

දැයේ අනාගත පරපුරට යහමඟ පෙන්වීමට සහ දරුවන්ගේ ජීවිත
ආලෝකමත් කිරීමට හැකිවීම ගැන HNB FINANCE වඩාත් සතුටට
පත්වේ. මන්ද ඔවුන් කවදා හෝ රටට වැඩදායක පුරවැසියන් ලෙස සිය
ජීවිත ජයගනු ඇත. HNB FINANCE දිවයිනේ විවිධ ප‍්‍රදේශවල
පවත්වනු ලබන සැමරුම් මාලාවකට සමගාමීව විශේෂයෙන්
දුෂ්කරතාවන්ට මුහුණ දෙන ග‍්‍රාමීය දරුවන්ගේ සංවර්ධනයට සහ
අභිවෘද්ධියට අත්‍යවශ්‍ය වන රෝහල් සහ පාසල් වැනි සේවා ස්ථාන
සඳහා පහසුකම් සැලසීමට ද සමාගම පියවර ගෙන ඇතග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *