2022-23 NCE සම්මාන උළෙලේ සුවිශේෂී බැංකු සහකරුවා ලෙස HNB නැවතත් එක් වෙයි

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 2022-23 වසර සඳහා සුවිශේෂී බැංකු සහකරුවා ලෙස ශ‍්‍රී
ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නැවත වරක් අත්වැල් බැඳ
ගත්තේය. “Recognizing, Inspiring and Strengthening’’ යන තේමාව යටතේ මෙවර පවත්වනු ලබන සිය 30 වැනි
අපනයන සම්මාන උළෙල NCE හට ඉතා සුවිශේෂී එකක් වනු ඇත. එහි සාර්ථකත්වයේ කොටස්කරුවකු වීමට HNB
හටද අවස්ථාව හිමි වීම සතුටකි.
විශේෂිත සහතික නිකුත් කිරීම, විවිධ වෙළෙඳාම් සම්බන්ධ ලියකියවිලි, පුහුණු වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම,
අදාල රාජ්‍ය ආයතන සමඟ පවත්වනු ලබන සාකච්ඡුාවන් හා රැස්වීම්වලදී අපනයනකරුවන් නියෝජනය කිරීම ඇතුළු
සේවාවන් රැසක් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් සලසනු ලබයි.
අපනයන ක්ෂේත‍්‍රයේ වර්ධනයෙහි වැදගත්කම කල්තියාම අවබෝධ කරගත් HNB විශ්වාසයෙන් යුතුව ගෝලීය
අවකාශය වෙත පිවිසීම සහ ඔවුන්ගේ හැකියාවන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා අපනයන අංශය වෙත අවස්ථා
නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම වෙනස කලින්ම අනුගමනය කරන බැංකුවක් වීම නිසාම HNB හට රට
පුරා සිය ව්‍යාප්තිය ඉහළ නංවා ගැනීමට මෙන්ම 2021 වසර තුළ එහි වෙළෙඳපොල සැලකිය යුතු ලෙස වර්ධනය
කර ගැනීමට හැකියාව උදා විය.
මෙම වසරේදී අපනයන ක්ෂේත‍්‍රය සිය සුවිශේෂී හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් රටේ අපනයනයන් මේ වන
විට ඇමෙරිකානු ඩොලර් මිලියන 815 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,514ක් දක්වා වූ සුවිශේෂී වර්ධනය අත්කර
ගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 14% ක වර්ධනයකි.
ගෝලීය වෙළෙඳපොලට අවශ්‍ය සම්පත් ශ‍්‍රී ලංකාව තුළ පවතී. අපනයනකරුවන් වෙත සේවා සපයන්නන් ඇතුළු
ශ‍්‍රී ලංකා අපනයන නිෂ්පාදන හා සේවා ප‍්‍රදර්ශනය කිරීම සඳහා ක‍්‍රමයක් නිර්මාණය කිරීම, මෙරට
නිෂ්පාදන හා සේවා ලබාදීමේ පරාසයන් පිළිබඳ අනාගත ගැනුම්කරුවන් සහ පාරිභෝගිකයින් දැනුවත් කිරීම වැනි
දේ තුළින් එය තව තවත් ඉහළ නංවා ගත හැකි වනු ඇත.
මේ සඳහා සාම්ප‍්‍රදායික අපනයන ආශ‍්‍රිත වැඩසටහන්වලට අමතරව HNB ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට
පාරිභෝගිකයින් සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් විදේශීය අපනයන වෙළෙඳපොල අවස්ථාවන් හිමිකර දීමට
කටයුතු කර ඇත. Cord360.com යනු ඉන් එකකි. එහිදී www.cord360.com හරහා මූල්‍ය, සැපයුම්, අලෙවිකරණ
සහ වෙළෙඳපොල ප‍්‍රවේශය වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර සඳහා අපනයනකරුවන්ට සහයෝගය සලසනු ලබයි.
විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් වෙත වැඩි ප‍්‍රතිලාභ ලබා දෙමින්, විදේශීය ගැනුම්කරුවන්
හා වෙළෙඳාම ඔවුන් වෙත සම්බන්ධ කර දීම ඉතා වැදගත් වේ.
ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තු මෙහෙයවනු ලබන මනා පළපුරුද්දක් සහිත සුදුසුකම්ලත්
වෘත්තිකයින්ගෙන් සමන්විත HNB සතුව ශ‍්‍රී ලංකාවේ බැංකු අතරින් සහතික ලත් ලේඛන ණය විශේෂඥයින්ගේ
විශාලතම සංචිතයද වේ. HNB හි මධ්‍යගත ජාත්‍යන්තර වෙළෙඳ සේවා දෙපාර්තමේන්තුව කොළඹ 01 ජනාධිපති
මාවතෙහි පිහිටුවා ඇති අතර එය ශ‍්‍රී ලංකා මහ බැංකුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී
ලංකා රේගුව, නැව්ගත කිරීම හා භාණ්ඩ ප‍්‍රවාහන සේවා සපයන්නන් මෙන්ම අනෙකුත් නියාමන හා
ව්‍යවස්ථාපිත බලයක් සහිත ආයතන සමඟ සමීපව කටයුතු කරමින් ආනයන හෝ අපනයන ලියකියවිලි සම්පූර්ණ
කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත උපරිම සහයෝගය සලසනු ලබයි.

ඡුායාරූපය
(වමේ සිට) HNB හි ව්‍යාපාර විශේෂඥ හසන්ති ද සිල්වා, ශ‍්‍රී ලංකා ජාතික
අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ලේකම් – ජෙනරාල්/ප‍්‍රධාන විධායක නිලධාරී ශිහාම් මරික්කාර්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – වාණිජ බැංකු කටයුතු (Wholesale Banking)
දමිත් පල්ලෙවත්ත හා HNB වෙළෙඳ ප‍්‍රධානී රොසෑන් ඩි අල්මේදා යන මහත්ම
මහත්මීන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *