SLT-MOBITEL ‘Eco Channelling Delivery’ හඳුන්වා දුන් ප්රථම දුරකථන සේවා සමාගම බවට පත්සවයි

eChannelling හරහා පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම ඖෂධ ගෙනැවිත් භාරදීමේ සේවාවක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි
චැනලින් සේවාව වන eChannelling, මේ වනවිට ‘Eco Channelling Delivery’ නමින් නවතම
සේවාවක් හඳුන්වා දී තිබේ. පරිසර හිතකාමී ලෙස පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම
ඖෂධ ගෙනගොස් භාරදීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මෙබඳු තිරසාර සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම දුරකථන සමාගම SLT-MOBITEL වීම
විශේෂත්වයකි. ඖෂධ ඇණවුම් කළ පසුව දිනක් ඇතුළත SLT-MOBITEL mAgent වරයෙකු
විසින් රු. 200/- ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ පාපැදියක් භාවිතා කරමින් අදාළ
ඖෂධ පාරිභෝගියාගේ නිවස වෙත ගෙනගොස් භාරදෙනු ලැබේ. කොළඹ 03 ප්‍රදේශයේ
ප්‍රමුඛ පෙළේ රෝහලක පිහිටි ඖෂධ අලෙවිසැලක් විසින්, කොළඹ 01 සිට කොළඹ 08
දක්වා ප්‍රදේශ වල කිලෝමීටර් 5 ක දුර පරාසයක් තුළ මේ ආකාරයට ඖෂධ බෙදාහැරීම
සිදුකෙරෙනු ඇත.
mAgent වරුන් යනු මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මෙන්ම SLT-
MOBITEL නිෂ්පාදන හා සේවාවන් රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා පත්කරන ලද
නියෝජිතයන් පිරිසකි.
https://www.echannelling.com/ වෙත ගොස් ‘Eco channelling’ ක්ලික් කිරීම හෝ eChannelling
app බාගත කරගැනීම මගින් ඕනෑම කෙනෙකුට මෙම සේවාව හරහා ඖෂධ ඇණවුම්
කළ හැකි වේ. සෑම දිනකම පස්වරු 4.00 ත් පස්වරු 6.00 ත් අතර ඖෂධ ගෙනගොස්
භාරදීම සිදුකෙරෙන අතර, අදාළ ඖෂධ අලෙවිසැල විසින් ඖෂධ වලට වටිනාකම
සඳහන් විද්‍යුත් ප්‍රකාශයක් පාරිභෝගිකයා වෙත යොමුකරනු ඇත. භාණ්ඩ ලැබුණු විට
ගෙවීමේ පදනම යටතේ (Cash of delivery), මාර්ගගත ක්‍රමයට (Online) හෝ POS යන්ත්‍ර
භාවිතයෙන් මුදල් ගෙවීම සිදුකළ හැකි වේ.
රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව ඖෂධ
ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා eChannelling හරහා මෙම ‘Eco Channelling
Delivery’ සේවාව ආරම්භ කරන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට දිනක් ඇතුළත තමන්ට
අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට හැකියාව ලැබේ.
ඖෂධ යනු පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවක් වන අතර, එය සපුරාලීම සඳහා
කාර්යක්ෂම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම පාපැදි
භාවිතා කිරීම මගින් ප්‍රවාහන කටයුතු වලදී ඉන්ධන හෝ විදුලි බලය වැය නොවන නිසා
එය පරිසර හිතකාමී පියවරක් වන අතරම, වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්
ප්‍රවර්ධනය කිරීමක්ද වේ.
අන්තර්ජාලය සහ ජංගම යෙදවුම් භාවිතා කරමින් ජනතාවගේ එදිනෙදා ජීවිත පහසු
කිරීම සඳහා විවිධාකාර වූ නවෝත්පාදනයන් හඳුන්වා දීමට eChannelling සෑම විටම

කටයුතු කරයි. SLT-MOBITEL හි කාර්ය සම්පාදන අංශය මගින් mAgent වරුන් හරහා
ක්‍රියාත්මක කරන, සතියේ සෑම දිනකම ඖෂධ ගෙනගොස් භාරදීම සිදුකරන මෙම
නවතම විසඳුමද එම උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.
ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් කාර්යක්ෂම කරමින් දිවයින පුරාම ව්‍යාප්ත කිරීමටත්,
ඊට නව අංග රැසක් ඇතුළත් කිරීමටත් eChannelling බලාපොරොත්තු වෙයි.

SLT-MOBITEL Mobile mAgent කණ්ඩායම සහ ඔවුන් පාරිභෝගිකයන් වෙත ඖෂධ
ගෙනගොස් භාරදෙන අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *