22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉන්දියාවේ පළමු ඡන්ද දායකයා ශ්‍යාම් සරන් නේගි මියයයි

ඉන්දියාවේ ප්‍රථම ඡන්ද දායකයා ලෙස සැලකෙන 1947 සැප්තැම්බර් 04 වනදා උපත ලද වයස අවුරුදු 105 වියැති ශ්‍යාම් සරන් නේගි මිය ගොස් ඇත. මිය යෑමට දින 03කට පෙරද ඔහු හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ සභාපතිවරණයකදී සිය ඡන්දය ප්‍රකාශකර තිබීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබීමෙන් අනතුරුව ඉන්දියාව සිය පළමු මහ මැතිවරණය පවත්වන අවස්ථාවේ ඡන්දය ප්‍රකාශ කළ පළමු පුද්ගලයා මොහු ලෙස සැලකේ.  එතැන් සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම ඔහු සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ඔහුගේ වියෝව පිළිබදව මහජන රැළියකදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍යාම් මහතාට උපහාර දැක්වූයේය. ශ්‍යාම් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඔහුගේ ගමමානයේදී සිදුකෙරෙන බවද මෝදි අගමැතිවරයා මෙහිදී පවසා තිබිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz