22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කන්දකාඩු වැනි සිද්ධීන් නොවීමට වග බලා ගන්න ජනපති අධිකරණ ඇමැති ට දන්වයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් සිදු කර ඇත. 

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 

එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (06) ආරම්භ වූ ගැටුමක් අතරතුර 05 දෙනකු තුවාල ලබා 50ක පමණ පිරිසක් පළා ගොස් ඇත. නොසන්කාරී තත්වය තවදුරටත් පවතින බැවින් පොලිසියේ සහ හමුදාවේ සහය ඉල්ලා ඇති බව ද පළා ගිය පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම ගැටුමට මුල් වී ඇත්තේ දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමකි. ඔවුන් දෙදෙනා සමඟ විශාල පිරිසක් දෙපැත්තට බෙදී  අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ගල්මුල්වලින් පවා එකිනෙකාට ප්‍රහාර එල්ලකරගෙන ඇති බව වාර්තාවේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz