Hayleys Advantis ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය ජනතා අයිතියට පත්කරයි

හේලීස් සමූහයේ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය අංශය වන Hayleys Advantis (හේලීස්
ඇඞ්වාන්ටිස්) සිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර ආරක්ෂිත පාපැදි ධාවනය සහ
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා සිය පාපැදි සවාරිය
ඔක්තෝබර් 29 වන දින පවත්වන ලදී.
හේලීස් ඇඞ්වාන්ටිස් විසින් කොළඹ පුරා ස්වයං පාපැදි අළුත්වැඩියා කිරීමේ ස්ථාන
ජාලයක් ස්ථාපිත කිරීමට සූදානම් වන අතර ඉන් පළමුවැන්න හේලීස් පීඑල්සී හි සභාපති
සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ හේලීස් ඇඞ්වාන්ටිස් හි
කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා විසින් කොළඹ 3 හිදී උත්සවාකාරයෙන්
විවෘත කරන ලදී.
හේලීස් ඇඞ්වාන්ටිස් හි සේවකයින් 150 කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම පාපැදි
සවාරිය කිලෝමීටර් 17 ක දුරක් ආවරණය කළ අතර එය හේලීස් පීඑල්සී ප‍්‍රධාන
කාර්යාල ගොඩනැගිල්ල අසලින් ආරම්භ කරමින් ලිප්ටන් වටරවුම, නෙළුම් පොකුණ
වටරවුම, නිදහස් මාවත, කුරුඳුවත්ත පොලිස් ස්ථානය, බෞද්ධාලෝක මාවත,
ඩුප්ලිකේෂන් පාර, ශාන්ත පීතර විද්‍යාලය, ගාලූ පාර, ගාලූමුවදොර දක්වා ගොස් නැවත
ඞීන්ස් පාරේ පිහිටි ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල අසලින් අවසන් කරන ලදි.
”පාපැදි ධාවනය ඔබේ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා වන
ආරක්ෂිතම ව්‍යායාම අතුරින් එකක්. විශේෂයෙන් අප රටක් ලෙස ඉන්ධන අර්බුදයට
මුහුණ දී සිටින අවස්ථාවේ අපගේ සේවයින් බහුතරයක් පාපැදිය තම ජීවිතයට සමීප
කරගත් බව අපි දැක්කා.”
”පාපැදි වල හදිසි අලූත්වැඩියාවන් සඳහා මෙවලම් සහ ස්ථාන නොමැතිකම නිසා ඔවුන්
අපහසුතාවයට පත්වන බව අපට පෙනී ගියා. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ නගරයේ
පාපැදි අලූත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන ජාලයක් ස්ථාපිත කරමින් අපගේ සේවකයන්ට
සහ පාපැදිකරුවන්ට සහය වීමට අපි තීරණය කළා.” යැයි හේලීස් ඇඞ්වාන්ටිස් හි
කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේය.
ශී‍්‍ර ලංකාවේ දී දියත් වන මෙම ප‍්‍රථම ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය
මඟින් පාපැදි අලූත්වැඩියාව සඳහා අවශ්‍ය වායු පොම්ප සහ අනෙකුත් මෙවලම් වලින්
සමන්විත වේ.
හේලීස් ඇඞ්වාන්ටිස් විසින් තරඟකාරී පාපැදි ධාවකයෙකු සහ පාපැදි ධාවන ක්ෂේත‍්‍රය
වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන යසස් හේවගේ මහතා සමඟ අත්වැල් බැඳගෙන
සහභාගිවන්නන් සඳහා ‘Change the Game’ නමින් වැඩමුළුවක් පැවැත්වීම ද විශේෂත්වයකි.
එහිදී සහභාගිවන්නන්ට බයිසිකල් පැදීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව
දැනගත හැකි වූ අතර ඔහු ද හේලීස් ඇඞ්වාන්ටිස් කණ්ඩායම සමඟ පාපැදි සවාරියට
එක්විය.
”පසුගිය දශකය තුළ බොහෝ වැඩපිළිවෙලවල් කි‍්‍රයාත්මක වී ඇති අතර පාපැදි
ධාවන කී‍්‍රඩාව සඳහා යටිතල පහසුකම් සැපයීම තුළින් එය වඩාත් සාර්ථකව ජනතාව
අතරට ගෙන යා හැකිය. මෙවැනි ස්ථානයක් දියත් කිරීමත් සමඟ හේලීස් ඇඞ්වාන්ටිස්
ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීමට අත්වැලක් සපයනවා. මෙලෙස ආරක්ෂිත පාපැදි
ධාවනය සඳහා දායකත්වයක් දක්වන ව්‍යාපෘති සඳහා ආයතනික සමාගම් සම්බන්ධ වීම
ප‍්‍රශංසනීයයි.” යනුවෙන් Spinner Cycling හි නිර්මාතෘ යසස් හේවගේ මහතා පැවසුවේය.

හේලීස් ඇඞ්වාන්ටිස් සිය කාර්යය මණ්ඩලය සවිබලගන්වා ඔවුන්ගේ නියැලීම ඉහළ
නැංවීම සඳහා නව ක‍්‍රම හදුන්වාදීමට හැකිවීම ගැන ආඩම්බර වේ. Great Place to Work®
සංවිධානය විසින් ශ්‍රේණිගත කළ පරිදි ආසියාවේ හොඳම සේවා ස්ථානවලින් එකක් වන
හේලීස් ඇඞ්වාන්ටිස් එහි දැක්ම අඛණ්ඩව ඉදිරියටම කි‍්‍රයාත්මක කරයි.

(වමේ සිට) හේලීස් සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ,
Spinner Cycling නිර්මාතෘ යසස් හේවගේ සහ හේලීස් ඇඞ්වාන්ටිස් කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න යන මහත්වරුන් ගාලූ පාරේ පිහිටි පළමු ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානයේ දී
ගාලූ පාරේ පිහිටි පළමු ස්වයං පාපැදි අලූත්වැඩියා කිරීමේ ස්ථානය
සවාරියට සහභාගී වූ හේලීස් ඇඞ්වාන්ටිස් කාර්යය මණ්ඩල
සාමාජිකයින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *