TikTok තුළ නිර්මාණාත්මක හැකියාව සහ අව්‍යාජත්වය ඉස්මතු කරමින් ජනප‍්‍රිය තරුවක් බවට පත් වූ ලෝචි

මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු @lochanajayakodi සිහින හඹායන ශ‍්‍රී ලාංකික ගැහැණු ළමයෙකි.
ලෝචිට රංගන ශිල්පිනියක් වීමට අවශ්‍ය වුවත් ඇය රතු පලසකින් බැස යන දිනය ගැන සිහින මැව්වාය.
පුද්ගලික ජීවිතයේ පසුබෑම් රැසකට මුහුණ දුන්නද ලෝචනා විවිධ වූ දක්ෂතා රැසකින් හෙබි කාන්තාවකි. ඇය
ප‍්‍රසිද්ධ සමාජ බලපෑම් කරන්නියක් (Influencer), අන්තර්ගත නිර්මාපකයෙකු, යූ ටියුබර් රංගන ශිල්පිනියෙකු,
ක‍්‍රියාකාරිනියක මෙන්ම ඇයගේම සමාගමේ අධ්‍යක්ෂවරියක් බවට පත් වූවාය.
නිරන්තරයෙන් වෙනස් වන සමාජ ප‍්‍රවණතා කැටිවූ නිර්මාණාත්මක සහ අව්‍යාජ TikTok නිර්මාණකරණය
හේතුවෙන් @lochanajayakodi වටා 1.1Mn සහ 15.7Mn අනුගාමිකයන් ප‍්‍රමාණයක් සිටී. ගුණාත්මක
අන්තර්ගතයන් ලබා දීමට ලෝචනාගේ කැපවීම අදටත් අප බොහෝ දෙනෙක් ඇයට ආදරය කිරීමට ප‍්‍රධාන හේතුවක්
වනවා.
ලෝචනා කියන්නෙ කවුද සහ ඔබේ කතාව කුමක්ද?
ලෝචනා කියන්නේ, ජීවිකාව ගැටගසා ගැනීමට මහන්සි වූ දෙමාපියන් දෙදෙනෙකු සිටි මධ්‍යම පාන්තික පවුලක
සාමාන්‍ය ශ‍්‍රී ලාංකික ගැහැණු ළමයෙක්. මම පවුලේ වැඩිමහල් දරුවා. මට බාල සහෝදරියන් දෙදෙනෙක්
සිටිනවා.
මම උසස් පෙළ අවසන් කරන විට මගේ මව දුර්ලභ පෙනහළු රෝගයකින් මිය ගියා. ඉන්පසු මගේ බාල සහෝදරියන්
දෙදෙනාගේ වගකීම මට භාර ගැනීමට සිදු වුණා. මගේ සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතුවල මූල්‍ය වගකීම මා
හට පැවරුණු නිසා මෙම කාලය තුළ මගේ අධ්‍යාපනය කටයුතු මගහැරුණා කිව්වොත් නිවැරදියි. මගේ අධ්‍යාපන
කටයුතු අතරමග නතර වුවත්, නර්තනයට ඇති මගේ ආශාව නිසා එය පසුපස හඹා ගොස් එයින් මුදල් උපයා ගැනීමට
මට හැකි වුනා. ඇත්ත වශයෙන්ම, මම සහතික ලත් Zumba උපදේශිකාවක් සහ සම්මානලාභී ලතින් නර්තන
ශිල්පිනියක්.
අද වන විට මම කාගෙත් සිත්ගත් සමාජ මාධ්‍ය තරුවක්. ඇත්තටම අද මම මා ගැනම පුදුමයට පත්වනවා. අද, මගේ
දැඩි ආශාව මගේ ඉරණම වෙනස් කිරීමට මට උපකාර කළා.
ඔබේ වෘත්තිය කුමක්ද?
මම ඩිජිටල් අන්තර්ගත නිර්මාපකයෙකු සහ සමාජයට බලපෑම් කරන්නෙකු (Influencer), ලෙස කටයුතු කරනවා.
මම දේශීයව සහ ගෝලීය වශයෙන් ඉහළ පෙළේ සන්නාමයන්හි ඩිජිටල් ප‍්‍රවර්ධන කටයුතු කරනවා.
සියලූම සමාජ මාධය ජාලා ආවරණය කරන ඩිජිටල් අලෙවිකරණ නියෝජිතායතනයක් වන Lochi Studios (PVT)
LTD හි හිමිකරු මමයි. දැනට එය ශ‍්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කි‍්‍රයාත්මක වෙනවා.
ඔබ නිර්මාණය කළ ඔබේ ප‍්‍රියතම TikTok වීඩියෝව කුමක්ද සහ ඇයි?
මම ඒ සියල්ලන්ටම ආදරෙයි! මගේ නිර්මාණවල ලොකුම රසිකයා මමයි.
මම TikTok හි පළ කළ වීඩියෝවක් අතිශය ජනප‍්‍රිය වුණා. විශාල පේ‍්‍රක්ෂක පිරිසක් වෙත ළඟා කර ගැනීමට
සහ බොහෝ දෙනාගේ අවධානයට ලක් කරවීමට TikTok මට උපකාරී වුණා. මෙම වේදිකාවේ ප‍්‍රබලත්වය මට
වැටහුණේ එවිටයි. එබැවින් මා කරන දේ දිගටම කරගෙන යාමට සහ විවිධ වර්ගයේ අන්තර්ගතයන් නිතිපතා පළ
කිරීමට මම අවස්ථාව උදාකර ගත්තා.
ඔබේ අන්තර්ගතය කුමන ආරක් ගන්නේ ද?
මම වැඩිපුරම කැමති හාස්‍යයට සහ නර්තනයට. මම මගේ පේ‍්‍රක්ෂකයින් රඳවා තබා ගැනීම සඳහා නාට්‍ය,
තොල් හැසිරවීම සහ විවිධ අන්තර්ගතයන් වල සංකලනයක් ද පළ කරනවා.

TikTok ප‍්‍රජාව ගැන ඔබගේ අදහස කුමක්ද?
විවිධත්වයක් තිබෙන අතර විවිධ තරාතිරම්වල විවිධ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් සිටිනවා.
TikTok සීමා මායිම් විරහිතව අපිට අපගේ හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව දෙනවා. Instagram”
Facebook සහ YouTube වේදිකා හරහා මිලියන 4.5 කට අධික අනුගාමිකයින් සහ රසිකයින් සිටින ශ‍්‍රී ලංකාවේ
හොඳම බලපෑම් කරන්නන් අතර මා ද සිටීමට හේතුව වන්නේ මම සෑම රසඥතා පරාසයක්ම හඳුනාගෙන ඒ සැමට
ගැලපෙන නිර්මාණ ඉදිරිපත් කිරීම යැයි මා විශ්වාස කරනවා.
ඔබ විසින්ම ඉගෙන ගත් TikTok සම්බන්ධ උපක‍්‍රම තිබේද?
නිර්මාණ මකා දමා නැවත upload නොකර සිටීම වඩා හොඳ බව මම ඉගෙන ගත්තා. එසේම, අනුග‍්‍රහය ලබන
සහ අනුග‍්‍රහය නොලබන අන්තර්ගතයන් වල සංකලනයක් TikTok කිරීම වඩාත් හොඳයි. ඒ වගේම සමාජයේ
පවතින සෑම ප‍්‍රවණතාවක්ම පේ‍්‍රක්ෂකයාට ලබාදීමට උත්සාහ කිරීම සාර්ථකයි.
TikTok හි අන්තර්ගතයන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අනෙකුත් වෘත්තිකයන් සඳහා ඔබ දෙන උපදෙස්
මොනවාද?

ඔබ කුමන වෘත්තියක සිටියත්, ඔබට ඔබේ විශේෂත්වය ඉස්මතු කිරීමට හෝ විවිධ වූ විශේෂාංග ඉදිරිපත් කිරීමට
හැකියි. නිදසුනක් ලෙස, වෛද්‍යවරයෙකුට වෛද්‍ය උපදෙස් පළ කළ හැකියි, නීතීඥයෙකුට නීති උපදෙස් පළ කළ
හැකියි, ගොවියෙකුට තම නවතම අස්වැන්න පෙන්විය හැකිය, වඩු කාර්මිකයෙකුට තම විශිෂ්ටතම ශිල්ප ක‍්‍රම
ප‍්‍රදර්ශනය කළ හැකියි. අද ලෝකයේ සෑම කෙනෙකුටම නිර්මාණකරුවෙකු විය හැකියි. ඒවගේම සිය වටිනා දැනුම
බෙදා ගනිමින් ඵලදායී ලෙස ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් දිරිමත් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *