22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නත්තලේ අසිරිය රැගත් HNB වාර්ෂික කැරොල් ගී ප‍්‍රසංගය මෙවරත්

ප‍්‍රීතිය හා සතුට රැගත් අසිරිමත් නත්තල සමරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් ‘This is Christmas to me’ යන තේමාව යටතේ සිය වාර්ෂික කැරොල් ගී ප‍්‍රසංගය පසුගියදා HNB ටවර්ස් හිදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Divine Retreat Center හි අධ්‍යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා සහභාගී වූ අතර ජෝබි ජෝර්ජ් පියතුමා, HNB ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, ජොනතන් අලස්, HNB අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළුව ආයතනික සහ ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් හැට්නා පවුලේ ගීතිකා කණ්ඩායම විසින් ඉදිරිපත් කළ කැරොල් ගී රස විඳීමට එක්ව සිටියහ.

(වමේ සිට) HNB ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, ජොනතන් අලස්, Divine Retreat Center හි අධ්‍යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා, ජෝබි ජෝර්ජ් පියතුමා සහ HNB අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්‍රිගෝ ඡුායාරූපයේ වෙති.
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz