22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු
ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටත ම වාර්ෂික
වාර්තා ඉදිරිපත්කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන්
මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ.
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ
තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික
වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර බදුකරණය සහ ඩිජිටල්
මුදල් පිළිබඳ පැවති SAFA සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සම්මාන උළෙල
පැවැත්විණි.
SLT-:MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්‍යාධිකාරී අනුරුද්ධ
සූරියාරච්චි සහ මුල්‍යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්‍යාධිකාරී ඉන්ද්‍රජිත්
ප්‍රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ.
‘No Dream Too Big’ තේමාව යටතේ ඉදිරිපත්කරන ලද SLT-MOBITEL 2021 වාර්ෂික
වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින්
තාක්ෂණික පරිණාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත
කැපවීම පිළිබිඹු කරයි.
SAFA සම්මානය, SLT-MOBITEL 2021 වාර්ෂික වාර්තාව සඳහා වසර පුරා හිමි වූ ඇගයුම්
රැස අතරට එක් වූ තවත් කීර්තිමත් ඇගයුමකි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz