SLT-MOBITEL 2023 වසරේදී නොබියව සිහින හඹා යන්නට ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට සූදානමින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL
හි 2023 තේමාව වන ‘නිදහස්ව නොබියව සිහින අභිබවා යන්න’ එළිදැක්වීම
පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. නොබියව නව අවස්ථාවන්
ගවේෂණය කරමින් දීප්තිමත් අනාගතයක් වෙත පියවර එසවීමට ශ්‍රී ලාංකිකයන්
දිරිගැන්වීමේ අරමුණින් මෙම තේමාව හඳුන්වා දී තිබේ.
මෙය එළිදැක්වීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන
විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක
අබේසිංහ සහ MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ යන
මහත්වරුන්, SLT සහ MOBITEL අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සමූහයේ අනුබද්ධ
සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන්, වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය
මණ්ඩලයේ සාමාජිකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
උත්සවය ආරම්භ කරමින් සමූහ සභාපතිතුමා ජාතික ධජය එසවූ අතර, අදාළ
ප්‍රධාන විධායක නිලධාරීවරුන් විසින් ආයතනික ධජ ඔසවන ලදි. ඉන් අනතුරුව
ජාතික ගීය ගායනා කිරීමද, ආයතන වලට සහ කාර්ය මණ්ඩලයන්ට සෙත්පතා
ආගමික වතාවත්වල යෙදීමද සිදුවිය. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් කාර්ය
මණ්ඩලය ධෛර්යමත් කරන ආකාරයේ පණිවිඩ නිකුත් කරන ලද අතර, මෙම
උත්සවය SLT-MOBITEL ප්‍රාදේශීය කාර්ය මණ්ඩලයන් වෙනුවෙන් Peo TV Channel
200 ඔස්සේ සජීවීව විකාශය කරන ලදි.
විශ්වාසනීය සේවාවක් මෙන්ම අනාගතයට වඩාත්ම සුදුසු පරිවර්තනයන් ඔස්සේ
පාරිභෝගිකයන්ට උපරිම ප්‍රතිලාභ සැලසෙන විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL
සෑම විටම උත්සාහ දරයි. මෙම නව තේමාව, මිලියන 22 කට අධික පිරිසකගේ
සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කිරීමට SLT-MOBITEL දක්වන
උනන්දුව හා කැපවීම නිරූපණය කරන්නකි. විප්ලවීය තාක්‍ෂණය සහ මෙවලම්
සමඟින්, පාරිභෝගිකයින්ට නව ලෝකය ජය ගැනීමට අවශ්‍ය පිටුබලය ලබාදීම
සඳහා SLT-MOBITEL අන් කවරදාටත් වඩා අද දවසේ අවධානය යොමු කර ඇත.
ලොව කැපීපෙනෙන නව ප්‍රවණතාවන්ට අනුවර්තනය වීමට සහ එමගින් ප්‍රතිලාභ
ලැබීමට පාරිභෝගිකයන්ට සහ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා සමාගම දරන
උත්සාහයට සමගාමීව නිර්මාණය කළ නව විසඳුම් කිහිපයක්ද මෙම උත්සවය
අතරතුර එළිදක්වන ලදී. වර්තමානයේ අධිවේගී සම්බන්ධතාවන්හි වැදගත්කම
හොඳින් හඳුනා ගනිමින්, තම බ්‍රෝඩ්බෑන්ඩ් වේගය 200 Mbps දක්වා වැඩිදියුණු
කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එමෙන්ම නව අතථ්‍ය ලෝකයේ
සැරිසැරීමට සහ නවතම ඩිජිටල් ප්‍රවණතාවන්හි මහිමය අත්විඳීමට

පාරිභෝගිකයන් අවස්ථාව සලසා දෙමින්, ‘Traverse’ හරහා ශ්‍රී ලංකාවේ පළමු
immersive metaverse අත්දැකීම ලබා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත.
‘Traverse’ තුළදී පාරිභෝගිකයන්ට අලංකාර භූ-දර්ශන ඇතුළුව අතථ්‍ය ලෝකයේ
රමණීයත්වය සිත් සේ අත්විඳිමින් බොහෝ දේ අත්හදා බැලීමට අවස්ථාව ලැබේ.
එමෙන්ම ඉදිරි වසරවලදී සමාජය තුළ අර්ථවත් පරිවර්තනයන් සිදු කිරීමට සහ
පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වන ‘Google Assistant’,
‘MySLT Fault Localizer’ සහ ‘Cargills off the shelf package’ ඇතුළු තවත් විසඳුම්
පෙළක්ද මෙහිදී හඳුන්වා දෙන ලදී.
නව වසර දෙස අන් කවරදාටත් වඩා සුභවාදී ලෙස බැලිය හැකි බව SLT-
MOBITEL විශ්වාස කරයි. නව තේමාවෙන් පන්නරය ලබමින්, 2023 වසර අසීමිත
අවස්ථාවන් සහිත නව ආරම්භයක් බවට පත්කිරීම සඳහා සමස්ත ශ්‍රී
ලංකාවාසීන්ට අවශ්‍ය පන්නරය ලබාදීම SLT-MOBITEL හි පරමාර්ථය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *