22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කටාන ඇඟලූම් කර්මාන්තශාලාවට එල්ල වූ ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය තරයේ හෙළා දකියි

පසුගිය මාර්තු 30 වන බ‍්‍රහස්පතින්දා දින කටාන, හල්පේ ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්තශාලාවක කළමනාකාර
අධ්‍යක්ෂවරයාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද දරුණු සහ නින්දිත
ප‍්‍රහාරය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) දැඩි ලෙස හෙළා දකීx මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී
පරීක්ෂණයක් කඩිනමින් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් JAAF ඉල්ලා සිටී.
මේ වන විට ශ‍්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටින ඕමාන ජාතිකයකු වන මෙම කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ
කර්මාන්තශාලාවට කිසියම් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී මෙම පහර දීම සිදු කර ඇති අතර ඉන් තුවාල ලැබූ
දෙදෙනා රෝහල්ගත කර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවක් වන මේ හරහා පුද්ගලයන් 300 කට
අධික පිරිසකට රැකියා සපයනු ලබයි.
”ඇඟළුම් ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන සංගම්වල එකතුවකින් සැදුම්ලත් ආයතනයක් ලෙස අප, මෙවැනි
ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තරයේ හෙළා දකින අතර එවැනි ක‍්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නෑ. නීතිය ක‍්‍රියාත්මක
කරන බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් මෙම
ප‍්‍රහාරයට පෙළඹවූවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසටයි. මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක්
වූවන් ගැන අපි අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතරම රටේ නීතිය සැමට සාධාරණව
කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් JAAF හි මාධ්‍ය ප‍්‍රකාශක පවසයිx

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz