දශක ගණනාවක් තිස්සේ නව්‍යකරණ රූපවාහිනී නිෂ්පාදනයන් වෙළෙඳපොලට හඳුන්වා
දීමේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සැම්සුන් විශිෂ්ට නිෂ්පාදනයන් වෙනුවෙන් වන
සිය කැපවීම තව තවත් ඉදිරියට ගෙන යමින් පරිපූර්ණ රූපවාහිනී තිරයක චමත්කාරය
පාරිභෝගියා වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ සැබෑ ලෝකයටත් එහාගිය සුපැහැදිලි
දසුන් රූපවාහිනී තිරය මතට ගෙන එමිනි. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දින
නව්‍යකරණයට ලක් කරමින් FHD සහ 4K තාක්ෂණයන් අභිබවමින් 8K රූපවාහිනී
නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සැම්සුන් පියවර ගෙන ඇත. විශේෂයෙන්
සැම්සුන්හි උපායමාර්ගික දැක්ම මෙන්ම නව්‍ය තාක්ෂණය වෙළෙඳපොලට ගෙන ඒම
සඳහා ඔවුන්ගේ උනන්දුව නිසාම නවතම 8K රූපවාහිනී අත්දැකීම සුවහසක්
නරඹන්නන්ට නවමු අත්දැකීමක් එක් කරනු නිසැකය.
වර්තමානයේදී රූපවාහිනියක් තොරා ගැනීමේදී බොහෝ දෙනා අවධානය යොමු කරන
ප්‍රධාන සාධකයක් වන්නේ රූපවාහිනියේ පින්තූරයන්හි ගුණාත්මකභාවයයි. 1977 වසරේ
කොරියාවේදී ප්‍රථම වරට Color Economy TV නමින් වෛවර්ණ රූපවාහිනී නිෂ්පාදනය
කරමින් මහා පරිමාණ රූපවාහිනී නිෂ්පාදනයක් කිරීමට සමත් වූ සැම්සුන් එරට තුළ
වර්ණ රූපවාහිනී යුගයක් බිහි කිරීමට සමත් විය. කොරියාවේ ප්‍රථම වර්ණ රූපවාහිනී
නිෂ්පාදකයා ලෙස ගෞරවය හිමි කරගනිමින් නව්‍යකරණය වෙනුවෙන් සිය කැපවීම තව
දුරටත් මුවහත් කළ ඔවුන් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය පතුරුවා හැරි කළු-සුදු
රූපවාහිනී පිළිබඳ සෑහීමකට පත් නොවීය. ඒ නිසාම ඔවුන් නිෂ්පාදනය කළ Econo TV
වෛවර්ණ මාදිලිය එවකට පාරිභෝගිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.
2017 වසරේ පැවති සැම්සුන් පාරිභෝගික විදුලි උපකරණ ප්‍රදර්ශනයේදී කැඞ්මියම්
රහිත ක්වොන්ටම් තිත් තාක්ෂණය පදනම් කරගත් ලොව ප්‍රථම QLED රූපවාහිනී
නිෂ්පාදනය හඳුන්වා දීමට කටයුතු කරන ලද්දේ තවත් නවමු අත්දැකීමක් පාරිභෝගිකයා
වෙත ගෙන ඒමේ මග විවර කරමිනි. එම වසරේදී වඩාත් අවධානයට ලක් වූ QLED
රූපවාහිනී නිෂ්පාදනය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් විශිෂ්ට පින්තූර මෙන්ම 100%ක
වර්ණ පරිමාව පරිශීලකයා වෙත ගෙන ආවේ නව තාක්ෂණයෙන් පාරිභෝගිකයින්
අමන්දානන්දයට පත් කරමිනි.
QLED රූපවාහිනී නිෂ්පාදනය හඳුන්වා දී වසරකට පසුව සැම්සුන් සතු ක්වොන්ටම් තිත්
තාක්ෂණයට 8K තාක්ෂණය එක් කරමින් QLED 8K රූපවාහිනී නිෂ්පාදනය වෙළෙඳපොලට
හඳුන්වා දීමට සැම්සුන් අවස්ථාව උදා කරගන්නා ලදී. තිරයේ දිස්වන රූපයන්හි සෑම
කොටසක් තුළින්ම ඊට අවශ්‍ය ආලෝක සමතුලිතභාවය නිවැරදිව පාලනය කළ හැකි
Direct Full Array තාක්ෂණය සමඟින් ගුණාත්මකභාවයෙන් අඩු වීඩියෝ වෛවර්ණ 8K සමඟ
නිවැරදිව ගුණාත්මකභාවයෙන් ඉහළ වීඩියෝ බවට නිර්මාණය කිරීමේ විශිෂ්ට AI
තාක්ෂණයද එහි අන්තර්ගත වේ. රූපවාහිනී නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රථම වරට
නවතම 8K තාක්ෂණයෙන් සන්නද්ධ රූපවාහිනිය සැම්සුන් ලොවට හඳුන්වා දුන්නේ ඒ
අයුරිනි.
2020 වසරේදී ලොව ප්‍රථම වරට සැම්සුන් විසින් එළිදක්වන ලද bezel-less TV හි
විශේෂත්වය වන්නේ තිරය වටා ඇති අඳුරු කලාපයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට
සමත් වීමයි. තවත් වසරකට පසුව Quantum Mini LED තිර පදනම් කරගත් Neo QLED
තාක්ෂණය හඳුන්වා දෙමින් රූපවාහිනී කර්මාන්තය තුළ සිය විශිෂ්ටත්වය නැවත
නැවතත් තහවුරු කළ සැම්සුන් පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් FHD සිට
8K දක්වා කලින් කලට නව්‍ය තාක්ෂණික මහිමයන් කැටි කරගත් රූපවාහිනී නිෂ්පාදන
පාරිභෝගිකයා වෙත ගෙන ආ සැම්සුන් නව්‍ය නිෂ්පාදන නිර්මාණය සඳහා වන සිය
අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී.