22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙසක් සති සැමරුම

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන එක්ව මෙහෙයවීමෙන් 2023 මැයි මස 02 දින සිට 2023 මැයි මස 05 වෙසක් පුන් පොහෝ දින දක්වා බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.

 එහිදී 2023.05.02 දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකමක්ද, 2023.05.03 දින ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනයක්ද, 2023.05.04 දින රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අක්ෂි සායනයක්, ඇස් හා ශරීර කොටස් දන්දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැඩ සටහනක්, අයිස්ක්‍රීම් දන්සැලක් ද,  2023.05.05 වෙසක් පුන් පොහෝ දින ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සැලක් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක්ද පැවැත්විණි.

ඒ හා සමගාමීව එදිනම මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව එක්ව සුහුරුපාය පරිශ්‍රය ආලෝකමත් කිරීම සහ පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබිණි.

මෙහිදී විදුලි ආලෝකය දැල්වීම, කඩල දන්සැල විවෘත කිරීම හා භක්ති ගීත ප්‍රසංගය ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අතර අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් වෙසක් සතිය පුරා මත් උවදුරෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz