22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලෝක පරිසර දිනයට සමගාමී විශේෂ වැඩසටහනක් මහනුවරදී

ජුනි මස 05 වැනි දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමී විශේෂ සැමරුම් වැඩසටහනක් මහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර ඇත. ඒ අනුව, එම වැඩසටහන සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක්  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (23) සිදුවිය.

මහනුවර මධ්‍ය වෙළඳපල, මැණික්කුඹුර තොග එළවළු වෙළදපල, ගොහාගොඩ කසල කළමණාකරණ මධ්‍යස්ථානය යන ස්ථාන සහ ඒ අවට ප්‍රදේශයන් ප්‍රමුඛ කොට ගනිමින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන විවිධාංග රැසකින් යුක්තව පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ මහනුවර සදහා නව අත්දැකීමක් එක් කරමින්, පරිසර හිතකාමී ලෙස සමරනු ලබන මෙම වැඩසටහන සුවිශේෂි එකක් වන බවය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩබ්.දයානන්ද, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz