ශ්‍රීලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනියක වන මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කල ඒ.එම් සි .කේ අතපත්තු මහත්මිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය ලෙස පත් කෙරේ. එම තනතුර ට අදාල පත්වීම් ලිපිය අද (3) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් පිරිනැමිය.
හිටපු කොමසාරිස් මේනක හේරත් මහතා අධ්‍යාපන හා ප්‍රධාන ලේකම්ධුරයට පත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහා මෙම පත්කිරීම සිදුකොට ඇති අතර පළාත් පාලන ආයතන විසුරුවා නිලධාරින්ගේ පාලනය යටතේ ඇති වකවානුවක පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කිරීමේ දී මහත්වූ වගකීමක් කොමසාරිස්වරයා සතුව පවතින බවත් එම බලය සහ වගකීම සුළු පටු නොවන බවත් , පෙන්වා දුන් පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා හිටපු පළාත් පාලන කොමසාරිස් වරයාගේ සේවය අගය කිරීමටද කටයුතු කළේය.
2020 වසරේදී ට්‍රාන්ස්පේරන්සි ජ්‍යත්‍යන්තරය විසින් පැවැත්වූ රාජ්‍ය සේවයේ සුපිලිපන් ප්රනමලාභීන් අතරට මධ්‍යම පළාත් සභාවේ නාමය ගෙනයාමේ ගෞරවය ඇයට හිමි විය.
මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගිවිය.