22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නියෝජිත පිරිසක් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

  • අමාත්‍ය තෙන්නකෝන් ජපාන නෞකාවේ සංචාරයක
    ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (ජුලි 21)
    වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි
    ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
    උණුසුම් පිළිගැනීමකින් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා ධජ නිලධාරී රියර්
    අද්මිරාල් නිෂියාම තකහිරෝ ප්‍රමුඛ දූත පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.
    ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාක්‍ෂක බලකාය වෙත දැක්වූ සහයෝගීතාව
    වෙනුවෙන් ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකාය වෙත අමාත්‍ය තෙන්නකෝන්
    මැතිතුමා සිය කෘතඥතාව පළ කළේය.
    ජාතීන් දෙක අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ විශිෂ්ඨ ද්විපාර්ශ්වික සබඳතාවය
    පිළිබඳව මෙහිදී සිහිපත් කල අතර අවශ්‍ය කාලවලදී ජපානයේ අසීමිත සහයෝගය අප රට
    වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් අමාත්‍යවරයා ජපන් රජය වෙත සිය ස්තූතිය පල කළේය.
    ජපාන දූත පිරිස වෙත දක්වන ලද ආගන්තුක සත්කාරය වෙනුවෙන් ඔවුන් අමාත්‍යවරයා
    වෙත සිය කෘතඥතාව පළ කළ අතර ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අඛණ්ඩව
    ලබාදීමට නිරතුරුවම ක්‍රියා කරන බව ද පවසා සිටියේය.
    මෙම හමුව අවසානයේ අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සහ රියර් අද්මිරාල් නිෂියාම
    තකහිරෝ එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළහ.
    මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ මෙහෙයුම්
    අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී විය.
    මෙම ජපාන දූත පිරිස නිල සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (ජූලි 20) ජපාන සමුද්‍රීය
    ස්වයං ආරක්‍ෂක බළකායේ Destroyer SAMIDARE නෞකාවෙන් ශ්‍රී ලංකාවට
    පැමිණියහ.
    අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා ඊයේ සවස ජපානයේ SAMIDARE නෞකාව
    නැරඹීමටද ගියේය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මැතිතුමා
    විසින් ඔහුව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
    වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා , ආරක්‍ෂක
    මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල්

ප්‍රියන්ත පෙරේරා, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජපාන මහකොමසාරිස්
කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz