22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජපාන විදේශ ඇමති සහ ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ.

ජපාන විදේශ අමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඊයේ රාත්‍රි යේ දිවයිනට පැමිණියේය.

විදේශ අමාත්‍යවරයා ගුවන්තොටුපොලේදී පිළිගැනීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ඉන් අනතුරුව සුහද සාකච්ඡාවක්ද පැවැත්වුණි.

ජපාන විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එමෙන්ම තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකට ඔහු එක්විමට ද නියමිතය. ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz