Haycarb සිය පනස් වසරක අභිමානය සනිටුහන් කරමින් සිසු දිවි පහන පාසල් දිවා ආහාර වැඩසටහන අරඹයි

  • දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම
  • 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි

Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර වේලක් ලබා දෙමින් ”සිසු දිවි පහන” වැඩසටහන ආරම්භ කළේයx

ඉහළ වටිනාකමකින් යුත් සක‍්‍රීය කාබන් විසඳුම් හි ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Haycarb, ශ‍්‍රී ලංකාවේ ජෛව පද්ධති හා ප‍්‍රජාවගේ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දක්වමින් සමාජ සේවා වැඩසටහන් මාලාවක් සමඟ මෙම සන්ධිස්ථානය සලකුණු කිරීමට කටයුතු කරන අතර, එහි පළමු පියවර ලෙස අඩු පහසුකම් සහිත පාසල් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කළේය.

”අපේ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපේ දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඇති හැකියාව මතයි. එහෙත් පෙර නොවූ විරූ ආර්ථික අවපාතයක් හමුවේ, ශ‍්‍රී ලංකාවේ පවුල් සැලකිය යුතු සංඛ්‍යාවකට දරුවන්ගේ ආහාර වේල් අවම කිරීමට සිදුවී තිබෙනවා. තම දෙමාපියන්ට ගැනීමට සිදුවී තිබෙන ඉතා දැඩි මූල්‍යමය තීරණ හමුවේ බොහෝ ළමුන්ට උග‍්‍ර මන්ද පෝෂණ තත්වයකට මුහුණ පෑමට හෝ පාසල් නොයා සිටීමට සිදුව තිබෙනවා.

මෙම දුෂ්කර කාලය තුළ අපගේ ප‍්‍රජාවන්ට උපකාර කිරීම සියළුම ශ‍්‍රී ලාංකිකයින්ගේ සාමූහික වගකීමක් බව අපි විශ්වාස කරනවා. සිසු දිවි පහන වැඩසටහන දියත් කිරීමත් සමඟ අපගේ අනාගත පරපුර පෝෂණය කරමින් අපගේ ආයතනයේ වසර පනහක මෙහෙයුම් සාර්ථකත්වයේ අභිමානය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට ද අපි යළිත් කැපවෙනවා.” යනුවෙන් Haycarb PLC කළමනාකාර අධ්‍යක්ෂ රාජිත කාරියවසන් මහතා පැවසීය.

සිසු දිවි පහන සඳහා අරමුදල් මුලින්ම Haycarb PLC විසින් වෙන් කරන ලද අතර, පසුව සේවකයින් ඔවුන්ගේ ස්වේච්ඡුා දායකත්වයෙන් ඊට සම්බන්ධ විය. පාසල් අවට පිරිස් සමඟ එක්ව සියලූම ආහාර පිළියෙළ කරමින් සෑම පාසල් දරුවෙකු සඳහාම සමබර, සෞඛ්‍ය සම්පන්න දෛනික ආහාර වේලක් සකස් කිරීම සඳහා මෙම සියලූ මුදල් බැර කෙරේ.

”අපගේ සිසුන් සඳහා ආහාර ලබාදීමට ඔවුන් ගත් තීරණය පිළිබඳව අපි Haycarb ආයතනය වෙත ඉතා කෘතඥ වෙනවා. පසුගිය දශකය පුරාවටම මෙහි ඉගැන්වූ මම, අපගේ අහිංසක දරුවන්ගෙන් අඩකටත් වඩා අන්ත දුගී තත්වයට මුහුණ දෙනවා දැක තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ ඇතිවුණු පීඩාකාරී වාතාවරණය සමඟ ගොඩක් අය ඉස්කෝලේ එන්නේ උදේට තේ එකක් පමණක් බීලා. මේ නිසා මෙම දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමත් අපිට අභියෝගයක්. Haycarb ආයතනය වෙතින් ලබාදෙන මෙම නිර්ලෝභී, ජීවිත රැකදෙන පරිත්‍යාගය සඳහා දෙමාපියන් හා දරුවන් වෙනුවෙන් අප ස්තූතිවන්ත වෙනවා.” යැයි ගෝනවිල නලවලාන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති S.M සුමිත් ජයරත්න මහතා පැවසීය.

Haycarb කළමනාකාර අධ්‍යක්ෂ, රාජිත කාරියවසන් මහතා සහ කණ්ඩායම
Haycarb කළමනාකාර අධ්‍යක්ෂ, රාජිත කාරියවසන් මහතා සිසු දිවි පහන වැඩසටහන දියත් කරයි
Haycarb සිසු දිවි පහන- සිසුන් සඳහා පෝෂ්‍යදායී දිවා ආහාර
Haycarb සිසු දිවි පහන- සිනහවෙන් සිටින සිසුන්
Haycarb සිසු දිවි පහන- දහවල් ආහාරය සඳහා පෙළ ගැසී සිටින සිසුන්

මෙම සෑම පාසලක්ම තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ අවශ්‍යතාවය සහ ආහාරවල ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා පිරිසක් සිටීම යන සාධක මතයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති පරිදි සමබර ආහාර වේලක් මත පදනම් වූ දෛනික පෝෂණ අවශ්‍යතාවලට අනුකූලව සකසන මෙම ආහාර වේලෙහි ගුණාත්මක බව දෛනිකව අධීක්ෂණය කෙරේ.

2030 වන විට ප‍්‍රතිලාභ ලබන පිරිස 50%ක් දක්වා වැඩි කිරීම අරමුණු කරගත් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන්හි ප‍්‍රගතිය ඉහළ නැංවීම සඳහා වන Hayleys Lifecode සහ Haycarb Activate හි පුළුල් ඉලක්ක සහ සමාජ කැපවීම්වලට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.

Haycarb යනු ශී‍්‍ර ලංකාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන හා ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව තුළ අලෙවි කාර්යාල පවත්වාගෙන යන පොල් කටු භාවිත කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු සකී‍්‍රය කාබන් නිපදවන ලෝකයේ ඉදිරියෙන් සිටින සමාගමකි. ජල හා වායු පිරිපහදු කටයුතු, ඖෂධ, බැටරි තාක්ෂණය, රූපලාවණ්‍ය කටයුතු, රත‍්‍රන් නිස්සාරණය වැනි විවිධ ක‍්‍රියාවලි සඳහා මෙම සමාගම විසින් සක‍්‍රීය කාබන් නිපදවන අතර එමගින් විශාල විදේශ විනිමයක් අප රටට උපයා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *